Month September 2025

පොලිස්පති ධුරයේ වැඩ බැලීමට ලලිත් පතිනායක පත් කෙරේ

චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගි වීම සඳහා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. පොලිස්පතිවරයා ඊයේ (15) රාත්‍රියේ චීනය බලා පිටත්ව ගොස් ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව, පොලිස්පති ධුරයේ වැඩ බැලීම සඳහා මධ්‍යම පළාත් සහ පොලිස් පරිපාලන අංශය භාර…

කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (18) දිනයේදී පැය 09 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව, 18 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 7.00 දක්වා කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම…

ප්‍රතිදේහ එන්නත් සිද්ධියට කෙහෙළියට අධිචෝදනා භාරදෙයි

පසුගිය රජය සමයේ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිල දී ගැනීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් පිරිසකට අද (16) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ අධිචෝදනා භාර දී…

මිනිස් ජාවාරම්කරුවන් විසින් අතරමං කළ පුද්ගලයන් 06 ක් නාවික හමුදා භාරයට

මිනිස් ජාවාරම්කරුවන් විසින් අතරමං කර දමා ගොස් ඇතැයි සැක කෙරෙන පුද්ගලයන් 06 දෙනෙකු තලෙයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. පසුගිය 13 වැනිදා සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, මිනිස්…

රත්නපුර – හොරණ මාර්ගයේ දී බස් රථයක් සහ ලොරි රථයක් ගැටී 15 දෙනෙකුට තුවාල

රත්නපුර – හොරණ ප්‍රධාන මාර්ගයේ එපිටවල ප්‍රදේශයේදී කාර්යාල ප්‍රවාහන සේවා බස් රථයක් සහ ලොරි රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරකින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

පෙලිස්පති චීනයට

චීනයේ පැවැත්වෙන පොලිස් සමුළුවකට සහභාගිවීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ඊයේ (15) රාත්‍රී කාලයේ දිවයිනෙන් පිටත්ව ගියා. ඒ අනුව පොලිස්පතිධූරයේ වැඩ බැලීම සඳහා පත්කර ඇත්තේ මධ්‍යම පළාත් සහ පොලිස් පරිපාලන අංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතායි. ලලිත් පතිනායක මහතා…

SSP සතිෂ් ගමගේ 30 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිෂ් ගමගේ ලබන 30 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කර තිබෙනවා. ඒ අනුව, සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර…

GovPay දකුණු පළාතටත්

GovPay රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව හා එක්වෙමින් දකුණු පළාත පුරා විහිදී සියළුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල  මාර්ගගත ක්‍රමයට ගෙවීම් පිළිගැනීම ඊයේ (15) ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතාගේ  ප්‍රධානත්වයෙත් මාතර දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ දී ආරම්භ විය. ඒ අනුව,…

2025 දෙවැනි කාර්තුවේදී මෙරට ආර්ථිකය 4.9% කින් වර්ධනය වෙයි

පසුගිය කාර්තු 07 ක කාලය තුළ පැවති හිතකර ආර්ථික තත්ත්වයන්ගෙන් ප්‍රතිලාභ ලබමින්, ශ්‍රී ලංකා ආර්ථිකය 2025 දෙවැනි කාර්තුව සඳහා 4.9% ක ධනාත්මක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව, වාහන ආනයන සීමා ඉවත් කිරීමට සාපේක්ෂව අඩු මට්ටමක පැවති පොලී අනුපාත සමඟ,…

විදුලි සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කෙරේ

ලංකා විදුලිබල මණ්ඩලය කොටස් 04 කට වෙන් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ ක්‍රියා මාර්ගය තීව්‍ර කරන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ පවසනවා. මෙතෙක් සිදුකළ…