Month September 2025

ආණ්ඩුව මඩ ගහලා නොහැකියාව වහගන්න හදනවා – ජොන්ස්ටන්

වත්මන් ආණ්ඩුව විසින් අනෙකාට මඩ ගසා තමන්ගේ නොහැකියාව වසා ගැනීමට කටයුතු කරමින් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා. එහෙත් මිනිසුන් බලාපොරොත්තු වන්නේ තමන්ට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම හා රටේ සංවර්ධනය බවයි ජන හමුවක් අමතමින්…

අමෙරිකාවෙන් පිටත නිෂ්පාදනය කරන ඕනෑම චිත්‍රපටයක් සඳහා ට්‍රම්ප් 100% ක තීරුබදු පනවයි

එක්සත් ජනපදයෙන් පිටත නිෂ්පාදනය කරන ඕනෑම චිත්‍රපටයක් සඳහා 100% තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඇමරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට නිෂ්පාදන ව්‍යාපාරය බිළිඳෙකුගෙන් රසකැවිලි සොරකම් කරන්නාක් මෙන්, වෙනත් රටවල් විසින් සොරකම් කර ඇති බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. කැලිෆෝනියාවේ…

කාලෙකට පස්සේ රනිල් මහත්තයා අපේ ගෙදරින් කෝපි කෝප්පයක් බිව්වා – නාමල්

විපක්ෂය එකතු වන්නේ ආණ්ඩු පෙරළීමට නොව, රට හැදීම සඳහා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඉතිහාසයේ ද විවිධ පුද්ගලයින් දේශපාලනික වශයෙන් එකතු වී ඇත්තේ පුද්ගලයින් පැරදවීමට බවත්, සන්ධානගත විය යුත්තේ සිය පක්ෂයේ ප්‍රතිපත්ති මෙන්ම රටේ ප්‍රතිපත්ති…

රට තුළ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා කිසිදු රජයකට ඉඩ දෙන්නේ නැහැ – කාදිනල් හිමිපාණන්

රට තුළ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා කිසිදු රජයකට ඉඩ ලබා නොදෙන බව අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පවසනවා. රටේ දරු පරම්පරාවට අගතිගාමීත්වයට යොමු කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවයි නිට්ටඹුව තිහාරිය ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකළ ගණ්ඨක දේව මැදුරේ ප්‍රථම යාඥාවට එක්වෙමින්…

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට ඇප

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මිලියනයක ශරීර ඇප දෙකක් මත මුදා කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (29) නියෝග කළා. රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුට බලහත්කාරකම්පෑම හා මෝටර්රථ ආඥා පනතේ නීති උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් කොටුව පොලිසිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අධීකරණයට…

කිලිනොච්චියේ පිපිරීමක් – දෙදෙනෙකුට තුවාල

කිලිනොච්චියේ තට්ටුවන්කොට්ටි හී පිපිරීමකින් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. අබලන් වූ නිවක කැණීම් කටයුතු සඳහා ගිය පුද්ගලයින් දෙදෙනෙකු තම වැඩ කටයුතු කරමින් සිටියදී එම නිවසේ භූගතව තිබූ බෝම්බයක් පිපිරී යාමෙන් මෙම අනතුර සිවු ඇත. පිපිරීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින්…

දරු ගුරු දෙගුරු සබඳතා විනාශ කිරීමට නීති ගෙන එන බවට චෝදනා

දරුවන් විනයානුකූලව ගොඩනගන්නට ගුරුවරුන්ට, දෙමව්පියන්ට හා පවුලේ සාමාජිකයන්ට තිබෙන අවකාශය නැති කරමින් ඊට අදාළව අණ පනත් සම්මත කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා නගනවා. ජාතික නිදහස් පෙරමුණේ බත්තරමුල්ල කාර්යාලයේදී…

බැකෝ සමන්ගේ බිරිඳගේ ජංගම දුරකථන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්න – CID අවසර ඉල්ලයි

මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන්ගේ බිරිඳ වන සාධිකා ලක්ෂානි සතුව තිබූ ජංගම දුරකථන සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග…

‍රාජ්‍ය විශ්ව විද්‍යාලවල හෙට සංකේත වැඩ වර්ජනයක්

විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින ගැටලු විසඳීමට රජය මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන්, හෙට (30) දිනයේ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව විශ්ව විද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. තවමත් රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඇති අර්බුදවලට විසඳුමක් ලැබී නොමැති බවත්, අද වනවිට රාජ්‍ය අධ්‍යාපනය කඩා…

ලලිත් – කූගන් අතුරුදන්වීමේ සිද්ධියට ප්‍රකාශයක් ලබාදීමට සහෝදරියන් දෙදෙනෙකු CIDයට පැමිණෙයි

අතුරුදන් වූ කූගන් මුර්ගානන්දගේ සහෝදරියන් දෙදෙනෙකු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (29) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. ඒ අනුව, 2011 වසරේ දෙසැම්බර් 09 වැනිදා ලලිත් කුමාර වීරරාජ් සහ කූගන් මුර්ගානන්ද යන අය අතුරුදන්වීමේ සිද්ධිය පිළිබඳව, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන…