Month September 2025

ගාසා තීරයට නව සාම සැලැස්මක්

ගාසා තීරය සඳහා නව සාම සැලැස්මකට එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රයල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි. අදාළ සැලැස්ම සඳහා එකඟවන ලෙස හමාස් සංවිධානයට අනතුරු අඟවන බව ඔවුන් ප්‍රකාශ කර ඇත. මෙම නව සාම සැලැස්ම මගින් හමුදා…

මෙරට අපරාධවලට සම්බන්ධ තිදෙනෙක් ඉන්දියාවේ දී අත්අඩංගුවට

මෙරට අපරාධවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකුව ඉන්දියාවේ බැංගලෝර් මධ්‍යම අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉරේෂ් හසන්ක, සුගත් සමින්දු සහ දිලීප් හර්ෂණ යන අය බව ඉන්දීය මාධ්‍ය වාර්තාකර ඇත. මෙම සැකකරුවන් තිදෙනා මෙරට අපරාධවලට සම්බන්ධ වී…

කොළඹින් සැකකටයුතු මළසිරුරු දෙකක් – පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි

සැකකටයුතු මළසිරුරු දෙකක් කොළඹ ප්‍රදේශ දෙකකින් සොයාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ එක් සිරුරක් ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමෙන් සහ අනෙක් සිරුර දෙහිවල පොලිස් වසමෙන් හමු වූ බවය. ඊයේ (29) සවස් කාලයේ ග්‍රෑන්ඩ්පාස්, ඉඟුරුකඩේ හන්දිය අසල ඇති ජාඩි ඇලේ තිබී එක් මළසිරුරක් හමු…

හක්කා පටස් සහ චීන පටස් සොයා දිවයින පුරා මෙහෙයුම්

නීතිවිරෝධීව නිෂ්පාදනය කරනු ලබන හක්කා පටස් සහ චීන පටස් භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, රතිඤ්ඥා හා ගිනිකෙළි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදනවලට නිකුත් කරනු ලබන අමුද්‍රව්‍ය භාවිත කරමින්…

සරසවි ඇදුරන් අද වර්ජනයක

වැටුප් විෂමතාව සහ ආචාර්යවරුන්ගේ හිඟය ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දිවයින පුරා රාජ්‍ය විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද සංකේත වර්ජනයක නිරත වනවා. කොළඹ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ මේ හේතුවෙන් විශ්වවිද්‍යාලවල විභාග…

“ගෝඨා ආණ්ඩුව කාලේ සෙවනගල ලාභ ලැබුවා.. අද ඉන්දියාවට තුට්ටු දෙකට විකුණන්න හදනවා”

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව සමයේ සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ලාභ ලැබූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසනවා. එමෙන්ම එය අද කුණුකොල්ලයට ඉන්දියාවට විකිණීමට සූදානම්වන බවයි ඔහු පැවසුවේ. ඔහු මේ බව සඳහන් කර සිටියේ ඊයේ (30) හිරු සලකුණ…

තාවකාලික රියදුරු බලපත්‍ර නුගේගොඩින්

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී තාවකාලික රියදුරු බලපත්‍ර අද (30) සිට නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (RMV) පවසනවා. ඒ අනුව, බලපත්‍ර අලුත් කරන අයදුම්කරුවන්ට තවදුරටත් වේරහැර RMV කාර්යාලය වෙත ගමන් කිරීමට අවශ්‍ය නොවන බවයි…

එළවලු මිල පහළට

මේ වන විට වෙළදපොලේ එළවළු තොග මිල පසුගිය කාලසීමාවට සාපේක්ෂව සැලකිය යුතු මට්ටමකින් පහළ බැස තිබෙනවා. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරණ භාරය සදහන් කළේ දෛනිකව ලැබෙන එළවලු තොග ඉහළ යාම හේතුවෙන් මෙලෙස මිල පහත බැස ඇති බවයි. ඒ අනුව කැරට්,…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද,…

රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වෙනකොට, සමාජයේ බෙදීමක් හදන්න බංකොලොත් කඳවුර කටයුතු කරමින් ඉන්නවා – චන්දන සූරියආරච්චි

රටේ නීතිය නිවැරදිව ක්‍රියාත්මක වෙමින් ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසනවා. එසේම නීතිය ක්‍රියාත්මක කරන අදාළ ආයතන නිවැරදිව කටයුතු කරමින් ඇති බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළා. එලෙස නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන විට, අදාළ…