Month August 2025

තියුණු ආයුධයකින් පහරදී වයෝවෘධ මවක්ව ඝාතනය කරලා

වළස්මුල්ල පොලිස් වසමේ උඩගහවත්ත ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇත. ඊයේ (28) මෙම අපරාධය සිදුව ඇති අතර මරණකාරිය අවුරුදු 85ක උඩගහවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියකි.  මරණකාරිය නිවසේ තනිවම වාසය කර ඇති බවත් ඇයගේ පුතා විසින් ඊයේ රාත්‍රීයේ ආහාර ලබාදී…

පොලිස්පති කාදිනල් හිමිපාණන් හමුවෙයි

පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඊයේ (28) දහවල් බොරැල්ල ප්‍රදේශයේ පිහිටන කොළඹ අගරදගුරු නිල නිවසේදී අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවී සුහඳ පිළිසදරක නිරතවිය. මෙම හමුව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂක නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතාද එක්විය. කාදිනල් හිමිපාණන්…

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති ආර්යාවට සහ හිටපු අගමැතිට අධිචෝදනා

දකුණු කොරියාවේ බලයෙන් පහ කර සිරගත කර සිටින හිටපු ජනාධිපති යූන් සුක් යෙඕල්ගේ බිරිඳ වන කිම් කියොන් හී ට සහ හිටපු අගමැති හැන් ඩක් – සූට අල්ලස් සහ වෙනත් චෝදනා සම්බන්ධයෙන් දකුණු කොරියානු විශේෂ අභිචෝදකයින් විසින් අධිචෝදනා ගොනු කර ඇත.…

රාජිත මහාධිකරණයට පැමිණෙයි

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මේවන විට කොළඹ මහාධිකරණයට පැමිණ තිබෙනවා. රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අද (29) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ කැඳවීමට නියමිතව ඇති බවයි සඳහන් වෙන්නේ.

බණ්ඩාරගම වෙඩි තැබීමට අනුබලදීම සම්බන්ධයෙන් දෙදෙනෙක් අත්අඩංගුවට

බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසලදී හිටපු බන්ධනාගාර නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් පානදුර, මෝදරවිල ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 සහ 21 වයස්වල පසුවන, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන්…

රාජ්‍ය ආයතනවල ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට පියවර

සෑම රාජ්‍ය ආයතනයකම ඇඟිලි සලකුණු යන්ත්‍ර සවි කිරීමට පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, මේ වන විටත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන රැසක ඇඟිලි සලකුණු යන්ත්‍ර පිහිටුවා ඇති බවයි අමාත්‍ය ආචාර්ය…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය…

ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක්

මෙම දිනවල ප්‍රචලිතව පවතින සරුංගල් යැවීම ආශ්‍රිතව සිදුවිය හැකි ගුවන් අනතුරු සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. කුඩා ළමුන් සහ වැඩිහිටියන්, මහත්සේ ප්‍රිය කරන සරුංගල් සමයත් සමඟ ගුවන් ධාවන පථ ආසන්න ප්‍රදේශවල සරුංගල් යැවීම ඉතා අවදානම් සහගත කාරණක්…

පාසල් සිසුවියක් ඇතුළු දෙදෙනෙකුට දිවි අහිමි කළ මාරක අනතුර

හොරොව්පතාන – කහටගස්දිගිලිය ප්‍රධාන මාර්ගයේ ඇලයාපත්තුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුවියක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (28) දහවල්  මෙම මාරක රිය අනතුර සිදුවූ බව “අද දෙරණ” වාර්තාකරු පැවසීය. වව්නියාව සිට අනුරාධපුර දෙසට වීදුරු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් රියදුරුට නින්ද…

ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයෙන් ඉල්ලීමක්

විනිවිද භාවයෙන් තොරව සිදුවන අවිධිමත් විදුලිබල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ දැක්වෙන්නේ, රජය ජනතා කේන්ද්‍රීය රජයක් ලෙස ඔවුන්ව විසින් හඳුන්වාගන්නේ නම්, රජය ක්‍රියා කළ යුතු වන්නේ සමාජයේ සහ රටේ ජනතාවගේ…