Month August 2025

පළාත් පාලන ආයතන 336 ක බලය පිහිටුවා අවසන් – පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය

පළාත් පාලන ආයතන 336 බලය මේ වනවිට පිහිටුවා අවසන් කර ඇති බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි. නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේ, සීතාවක හා ආණමඩුව ප්‍රදේශීය සභාවල ඝණ පූර්ණය නොමැතිවීම හේතුවෙන් සභා පිහිටුවීම කල් දමා ඇති…

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝලයකින් වෙඩි තබා ඇති බවයි.

එහෙත් පිස්තෝලය ක්‍රියාත්මක වී නොමැත. ඊයේ(31) රාත්‍රි 9. 30ට පමන වෙඩි තැබිමට උත්සාහ කර ඇත්තේ ධිවර වරායේ සිටි ධීවර යාත්‍රා හිමිකරුවෙකු ඉලක්ක කර ගෙනයි. ඔහු වෙනත් පුද්ගලයෙකු අතර පවතින ආරවුලක් වෙඩි තැබිමේ උත්සාහයට හෙතුවන්නට ඇති බව පොලීසිය සැකපළ කරයි.

වාර්තාගත සංචාරක පැමිණීමක්

මේ වසරේ ගතවු කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව ජනවාරි පළමු දින සිට ජූලි මස 27වැනිදා දක්වා කාලය තුළ දිවයිනට සංචාරකයින් 1,341,953 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන්…

වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 155කගෙන් ලක්ෂ 336ක දඩ

වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයන් 155 දෙනකු රුපියල් මිලියන 33.6ක දඩ මුදල් හා වීසා ගාස්තු අය කරගෙන මෙරටින් පිටත් කර හැරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව ඊයේ (31) පියවර ගෙන තිබේ. ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමක් සඳහා මෙරට ඉතිහාසයේ…

‘බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාකාරීත්වයේදී කාන්තාවන් බල ගැන්වීම අපේ අපේක්ෂාවයි‘ – අග්‍රාමාත්‍ය හරිනි

දේශපාලන නියෝජිතයන් ලෙස තේරී පත්වීම මෙන්ම බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාකාරීත්වයේදී කාන්තාවන් බල ගැන්වීම සිය අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. දසවැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරියන් විසිදෙනෙක් සිය පක්ෂයෙන් තේරී පත්වීම කාලයක් තිස්සේ ක්‍රියාත්මක…

“Ella Weekend Express” සුඛෝපභෝගී දුම්රිය සේවය අගෝස්තු 16 සිට

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අගෝස්තු 16 වන දින සිට ‘ඇල්ල සති අන්ත එක්ස්ප්‍රස්’ (Ella Weekend Express) නමින් නව සුඛෝපභෝගී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා. මෙම නව සේවාව කොළඹ කොටුව සහ බදුල්ල අතර ක්‍රියාත්මක වීමට නියමිතයි. විශේෂයෙන්ම දේශීය හා විදේශීය…

රෝහිතගේ බෑණාට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණා වන ධනුෂ්ක වීරක්කොඩිට ඇප නියම කිරීමට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය අද (01) නියෝග කළ බව අප වාර්තාකරු සඳහන් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත්‍රයා සතුව තිබී සොයාගත් නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද වාහනයක් නීති විරෝධී ලෙස…

අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් තිදෙනෙකු පිළිගනී

අභියාචනාධිකරණය සඳහා මෑතකදී පත් කෙරුණු විනිසුරුවරු තුන්දෙනෙකු පිළිගැනීමේ චාරිත්‍ර අනුකූල නිල උත්සවය අද පැවැත්වුණා. මෙම උත්සවය පැවතුනේ අභියාචනාධිකරණ සංකීර්ණයේදීයි. මෑතකදී අභියාචනාධිකරණයට පත්වීම් ලැබූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, ආදිත්‍ය පටබැඳිගේ සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරුවරු පිළිගැනීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණා.…

තීරු බදු අඩු කිරීම ගැන විපක්ෂ නායකවරයාගේ ප්‍රසාදය

ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ සඳහා අමෙරිකා එක්සත් ජනපදය තීරුබදු සියයට 20 දක්වා අඩු කිරීම ගැන සතුටු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා. Xහි සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ඉන්දියාව සියයට 25ක් ගෙවන අතර, ශ්‍රී ලංකාව වියට්නාමය සහ බංග්ලාදේශය…

ශ්‍රී ලංකාවට, ඔලිම්පික් ක්‍රිකට් ඉසව්ව අහිමි වන ලකුණු

පාකිස්ථානය, නවසීලන්තය සහ ශ්‍රී ලංකාවට ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන මීළඟ ඔලිම්පික් උළෙලේ ක්‍රිකට් තරග ඉසව්ව නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, කණ්ඩායම් තෝරා ගැනීමේදී මහාද්වීපික ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කිරීම හේතුවෙන්.ඒ අනුව පිරිමි සහ කාන්තා…