Month August 2025

රනිල් රෝහලෙන් පිටව යයි

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව අද (29) උදෑසන ඔහුව සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර යැවීමෙන් අනතුරුව ඔහු මෙලෙස පිටව ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ. පසුගියදා රක්ෂිත…

නිමල් ලන්සා රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සැප්තැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, කොච්චිකඩේ පොලීසියට භාර වූ ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුව අද (29) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇති බවයි…

තායිලන්ත අගමැතිනිය ධුරයෙන් නෙරපයි

තායිලන්ත අග්‍රාමාත්‍ය Paetongtarn Shinawatra ධුරයෙන් ඉවත් කිරීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, කාම්බෝජයේ හිටපු නායකයා සමඟ කළ මතභේදාත්මක දුරකථන සංවාදයක් සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබුණා. අගමැති ධුරය සඳහා නව ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිත අතර, එතෙක්…

රනිල් සාමාන්‍ය වාට්ටුවකට මාරු කරලා – හර්ෂ ද සිල්වා

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට සාමාන්‍ය වාට්ටුවට යොමු කර ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා. ඒ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුවදුක් විමසීම සඳහා අද (29) කොළඹ…

ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, ඔහු සැප්තැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම නියෝග කර තිබෙනවා. පසුගිය…

අතුරලියේ රතන හිමි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා. පසුගියදා උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් ද නිකුත් කර තිබුණා.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,000 සීමාවට පැමිණෙයි

කොළඹ කොටස් වෙළඳපොළ තුළ සියලු කොටස් මිල දර්ශකය අද (29) පෙරවරුවේ ඒකක 21,000 සීමාවට පැමිණ තිබෙනවා. ඒ අනුව, දෛනික ගනුදෙනු සැසියක් අතරතුරදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,000 සීමාවට පැමිණි ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය ලෙසයි සැලකෙන්නේ. අද පෙරවරු 11.00 පමණ…

මහ බැංකු අධිපතිට A ශ්‍රේණියක්

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, Global Finance’s Central Banker Report Cards 2025 හිදී ‘A’ ශ්‍රේණියක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. ඒ අනුව, ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදයේදී මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට ඔහු දැක්වූ සුවිශේෂී දායකත්වය සහ…

විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවල පහසුකම් සංවර්ධනය සඳහා නව වැඩපිළිවෙළක් – අධ්‍යාපන අමාත්‍යංශය

විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨවල පහසුකම් සංවර්ධනය සඳහා නව වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා සඳහන් කළේ, මේ යටතේ වයඹ,සබරගමුව,මොරටුව හා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල පහසුකම් සංවර්ධනය සඳහා ප්‍රමුඛ අවධානය යොමු කරන…

රාජිත රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ වෙනත් නඩුවක් සඳහා අද කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය සේනාරත්න මහතාව අද (29) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්…