Month August 2025

දිවයින පුරා විශේෂ මෙහෙයුමක්

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 907 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි. එමෙන්ම අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 17 දෙනෙකු හා වරෙන්තුකරුවන් 343 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගත් බව…

මහජන ආරක්ෂක ඇමති ලේකම් කියා මහරගම පොලීසියට බොරු ඇමතුම් දුන් අයෙක් අත්අඩංගුවට

හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බධන්යෙන් මහරගම පොලීසිය අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු නිදහස් කර ගැනීම සදහා මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ලේකම්වරයෙකු යැයි ව්‍යාජ ලෙස පෙනී සිටිමින් මහරගම පොලිසිය වෙත දුරකථන ඇමතුම් දුන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. අයුතු බලපෑම සම්බන්ධයෙන්…

ඊශ්‍රායලයේ තීරණය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කනස්සල්ල

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පාලනය අත්පත් කරගැනීමට ගත් තීරණය ගැන ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළකරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම තීරණය ගාසා තීරයේ තවදුරටත් ප්‍රචණ්ඩත්වය වර්ධනයවීමට සහ එම ප්‍රදේශයේ සිටින ජනතාවගේ…

හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය ගැන දෙමාපියන්ට දැනුම්දීමක්

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට (10) පැවැත්වෙයි. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළේ, “පෙරවරු 9:30ට තමයි විභාගය ආරම්භ…

2025 ලෝක යොවුන් මිහිකත රූ රැජින කිරුළ ශ්‍රී ලංකාවට

2025 8වන ලෝක යොවුන් මිහිකත රූ රැජින තරගාවලියට (Miss Teen Earth) කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ ආදිත්‍යා වැලිවත්ත සමත්ව තිබේ. 8වන ලෝක යොවුන් මිහිකත රූ රැජින තරගාවලියට (Miss Teen Earth) ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 6 දෙනෙකු සහභාගී…

කඩුවෙලදී පොලිස් වෙඩි පහරින් සැකකරුවකු තුවාල ලබයි

කඩුවෙල කොතලාවල කැකිලිවෙල පාර ප්‍රදේශයේ දී ඊයේ (08) පොලීසිය විසින් වෙඩි තැබීමක් සිදු කර ඇත. සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී අදාළ සැකකරු විසින් පොලීසියට කඩුවකින් පහර දීමට උත්සහා කළ අවස්ථාවේ දී පොලීසිය විසින් ආත්ම ආරක්ෂාව පිණිස සැකකරුට වෙඩි තබා ඇති බව…

ඓතිහාසික දළදා පෙරහැර නැරඹීමට ජනපති එක් වෙයි

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර ඊයේ (08) රාත්‍රියේ වීථි සංචාරය කෙරුණු අතර දහස් ගණනක් ජනතාව සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පෙරහැර නැරඹීමට එක් විය. බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය…

Formula 3 සඳහා සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා බවට යෙවාන් ඩේවිඩ් පත්වෙයි

2026 FIA Formula 3 තරග වාරය සඳහා සුදුසුකම් ලැබූ පළමු ලාංකිකයා බවට පත්වීමට යෙවාන් ඩේවිඩ් සමත්ව තිබේ. ඒ, AIX රේසිං කණ්ඩායම සමග ඔහු ලබන වසරේ තරගාවලිය සඳහා අත්සන් කිරීමත් සමඟයි. ඔහු මේ වනවිට යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලියට තරගවදින අතර, එහිදී මේ…

රුසියා – යුක්රේන යුද්ධය ගැන සාකච්ඡා කිරීම සඳහා රුසියානු ජනාධිපති පුටින් හමුවීමට සූදානම් බව ට්‍රම්ප් දැනුම් දෙයි

රුසියා – යුක්රේන යුද්ධය ගැන සාකච්ඡා කිරීම සඳහා තමන් රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් හමුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි පළ කර තිබෙනවා.‍ඒ අනුව, මෙම හමුව ලබන අගෝස්තු 15 වැනිදා ඇලස්කාවේදී සිදු කිරීමට තීරණය කර ඇති බවයි…

අද කාලගුණ නිවේදනය

අද (09) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් එලෙස සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි පැවසෙන්නේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල…