Month August 2025

රැකියා විරහිත උපාධිධාරීන් පැලවත්ත ජවිපෙ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් සංවිධානය කළ විරෝධතාවක් අද පෙරවරුවේ පැලවත්ත අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්විණි. එහිදී විරෝධතාකරුවන් පැය භාගයක පමණ කාලයක් එම ස්ථානයේ විරොධතාවයේ නිරත වීමෙන් අනතුරුව පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට විරෝධතා පාගමනින් පැමිණියේය. එහිදී…

කෝටි ගාණක රත්‍රං බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි එකොළහමාරකට අධික වටිනාකමින් යුත් රත්‍රං බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම රන් බිස්කට් තොගයේ බර කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 2.66ක් බව සඳහන් වේ. විමර්ශන නිලධාරීන් සදහන් කළේ ඩුබායි රාජ්‍යයේ සිට…

ජාතික තරුණ සමුළුව හෙට කොළඹදී පැවැත්වෙයි

ජාතික තරුණ සමුළුව හෙට (12) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මෙවර ජාතික තරුණ සමුළුව පැවැත්වෙන්නේ වසර 32කට පසුව බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති, නීතිඥ සුපුන් විජේරත්න මහතා සඳහන් කළා. මෙම සමුළුව සඳහා තරුණ තරුණියන් 6,000කට වැඩි පිරිසක් සහභාගී වනු…

අලුත්ගමදී විදේශ කාන්තාවක් දියේ ගිලී මරුට

අලුත්ගම, මොරගල්ල වෙරළ තීරයේ දිය නෑමට ගිය විදේශ කාන්තාවක් අද (11) පෙරවරුවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 48ක් වන වියට්නාම ජාතික කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කළේ. අදාළ කාන්තාව මොරගල්ල වෙරළ තීරයේ විනෝද වෙමින්…

හබරාදුවේදී වාහන නැවැත්වීමට සංචාරකයින්ගෙන් නීතිවිරෝධීව මුදල් අය කළ තිදෙනෙක් අත්අඩංගුවට

හබරාදුව, පීල්ලගොඩ වෙරළ උද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ වාහන ගාල් කිරීමට නීතිවිරෝධීව මුදල් අය කළ පුද්ගලයන් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් හබරාදුව ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මෙලෙස වාහනවලින් මුදල් අය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. බස්…

මධ්‍යම කඳුකරයේ රිය ධාවනයේදී සැලකිලිමත් වන්නැයි උපදෙස්

මධ්‍යම කඳුකරයේ හැටන් අවට ප්‍රදේශවලට මද වැසි සමඟ විටින් විට දැඩි මීදුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. එම ප්‍රදේශවල මාර්ග ලිස්සන සුළු වීම සහ මීදුම නිසා මාර්ග නොපෙනී යන තත්ත්වයන් පවතින බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන්, මෙම ප්‍රදේශවල මාර්ගවල රිය ධාවනය…

විදෙස් දුම්වැටි තොගයක් සමග තරුණයෙක් කටුනායකදී කොටුවෙයි

රුපියල් ලක්ෂ හැටක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් නීතිවිරෝධීව කටුනායක ගුවන් තොටුපොළෙන් පිටට ගෙනයමින් සිටි ලාංකික ගුවන් මගියෙකු අද (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින්. ඔහු මහනුවර, ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංච් 24 හැවිරිදි අයෙක්…

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

මෑතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ජනාධිපතිවරුන්ගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබූ බව අප ආධිකරණ වාර්තාකරු සඳහන් කරනවා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා විසින්.

අර්තාපල් අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීන් අසරණයි

යල කන්නයේ නෙළාගත් අර්තාපල් අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව ඌව පළාතේ ගොවීන් අපහසුතාවට පත්ව සිටිනවා. ඔවුන් පවසන්නේ ආනයනික අර්තාපල් අඩු මිලට වෙළෙඳපොළේ පැවතීම නිසා වෙළෙඳුන් සිය අස්වනු මිලදී නොගන්නා බවයි. වැලිමඩ, ඌව පරණගම, බොරලන්ද, කැප්පෙටිපොළ ආදී ප්‍රදේශවල යල කන්නයේ අර්තාපල්…

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

තුර්කියේ වයඹදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිවී තිබෙනවා. එහි කම්පන කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි ඉස්තාන්බුල් නගරයට පවා දැනී ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම භූමිකම්පාව බලිකෙසිර් පළාතේ, සින්දිර්ගි නගරය අසලින් කේන්ද්‍රගත වී ඇති අතර භූමිකම්පාව ඇති වූයේ මතුපිට…