Month August 2025

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කථානායකවරයාට භාරදෙයි

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංග යෝජනාව අද (12) කථානායකවරයා වෙත භාරදීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා. ඒ අනුව, එම විශ්වාසභංග යෝජනාව ඊයේ (11)…

උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමේ කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

2025 අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබුණු කාලය අද (12) මධ්‍යම රාත්‍රි 12.00 ට අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, අද දිනයේදී ද Online ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි එම අමාත්‍යාංශය…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත අතර, එහිදී මෙරට 37 වැනි පොලිස්පතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු, ජනාධිපතිවරයා විසින්…

දුම්රිය සාමාන්‍යාධිකාරී ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර එම තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව, ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය හිමි වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

2025 වසරේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස 120,000 ඉක්මවයි

2025 වසරේ මේ දක්වා කාලය තුළ විවිධ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස 120,000 ඉක්මවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, හෙරොයින් සම්බන්ධයෙන් පුද්ගලයන් 39,627ක්, අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 47,615ක් සහ ගංජා සම්බන්ධයෙන් පුද්ගලයන් 42,620ක් පොලීසිය විසින් අත්අඩංගුවට…

මින්නේරියේ බස් රථ අනතුරකින් පුද්ගලයන් 27ක් රෝහල්ගත කෙරේ

මින්නේරිය බටු ඔය පාලම අසලදී පෞද්ගලික බස් රථයක් හා ටිපර් රථයක් ගැටී අනතුරක් සිදු වී තිබෙනවා. ඒ අනුව, අනතුරෙන් පුද්ගලයන් 27 දෙනකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වනවා.

වන අලි වෙනුවෙන් ජංගම වෛද්‍ය ඒකකයක්…

වන අලින්ට ප්‍රතිකාර කිරීම සදහා ජංගම වෛද්‍ය ඒකකයක් ක්‍රියාත්මක බව, පරිසර අමාත්‍ය ධම්මික පටබැදි මහතා පවසයි. අමාත්‍යවරයා පැවසුවේ, වනජීවි දෙපාර්තමේන්තුවේ අඩුපාඩුවක්ව පවතින භෞතික සම්පත් මිලදී ගැනීමට අදාළව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර  ඇති බවයි. 

අධ්‍යාපන සේවයේ මාරුවීම් ගැන ක්‍රියාකරන්න නිසි ක්‍රමවේදයක් සකස් කරන බව අගමැතිනිය කියයි

ගුරු අධ්‍යාපන සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සඳහා යහපත් ක්‍රමවේදයක් සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට එක්වෙමිනුයි…

ලාංකිකයන් 11ක් අග්නිදිග ආසියාවේ සයිබර් අපරාධවලට යවලා

ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු අග්නිදිග ආසියාවේ සයිබර් අපරාධ මධ්‍යස්ථාන වෙත යවා ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. පසුගිය සති කිහිපය තුළ මෙසේ ලාංකිකයන් 11 දෙනෙකු විදෙස්ගත කර ඇති බවටයි ආරක්ෂක අමාත්‍යාංශය අනාවරණය කරන්නේ.

මී උණ රෝගයේ ව්‍යාප්තියක්

මේ දිනවල මී උණ රෝගයේ ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව, සෞඛ්‍ය බලධාරීන් පවසනවා. සෞඛ්‍ය අංශ මවුපියන්ගෙන් ඉල්ලා සිටින්නේ, සරුංගල් වාරය ආරම්භ වීමත් සමග කුඹුරු යායවල සරුංගල් යැවීමේදී දරුවන් මී උණ රෝගයට ගොදුරු විය හැකි බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙසයි. අගෝස්තු…