Month August 2025

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පස්දෙනා රැගත් ගුවන් යානය අද පස්වරුවේ දිවයිනට

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පස් දෙනා රැගත් ගුවන් යානයක් ජකර්තා සිට කොළඹ බලා පිටත් වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

වසරේ ගතවු කාලය තුල ක්‍රියාත්මක කල විශේෂ මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයින් 142,027 අත්අඩංගුවට – මහජන ආරක්ෂක අමාත්‍යංශය

වසරේ ගතවු කාලය තුල ක්‍රියාත්මක කල විශේෂ මෙහෙයුම යටතේ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයින්  142,027 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය පැවසුවේ, මෙම මෙහෙයුම යටතේ ජනවාරි පළමුවැනිදා සිට අගෝස්තු 25 වැනිදා දක්වා කාලය තුල, හෙරොයින් සම්බන්ධයෙන් 43,564 දෙනෙකු…

ජනාධිපති මන්දිර ඇමති නිල නිවාස රටේ දියුණුවට සංචාරක නිවාඩු නිකේතන කරන්න සූදානමක්

සංචාරක ක්ෂේත්‍රයේ, පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමඟ 2026 පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී (29) පස්වරුවේ පැවැත්විණි. 2026 වසරේ සංචාරක ක්ෂේත්‍රයේ අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීමේදී හුදෙක් ප්‍රවර්ධන වැඩසටහන් පමණක් ප්‍රමාණවත් නොවන බවත්, රාජ්‍ය සහ පෞද්ගලික අංශය…

සැකකටයුතු මරණයක්

සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් කළුතර, කටුකුරුන්ද වෙරළ තීරයේ තිබී හමුවී ඇත. මෙම මළසිරුර මුහුදු වෙරළේ ශාරිරික අභ්‍යාසවල නිරතවී සිටි පියෙක් සහ දියණියක් විසින් දැක තිබේ. එහිදී ඔවුන් 119 හදිසි ඇමතුම් අංකය වෙත දැනුම් දී ඇත. ඒ අනුව, කළුතර දකුණ…

ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු බොහෝමයක් නීති විරෝධී බව ඇමරිකානු අධිකරණය තීන්දු කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන ලද බොහෝ තීරුබදු නීති විරෝධී බව ඇමරිකානු අභියාචනාධිකරණයක් තීන්දු කර ඇති අතර, එය ඔහුගේ විදේශ ප්‍රතිපත්ති න්‍යාය පත්‍රය උඩු යටිකුරු කළ හැකි නීතිමය ගැටුමක් ඇති කරයි. මෙම තීන්දුව ලොව පුරා බොහෝ රටවල් මත…

සෝලා බෝට්ටු වලින් බේරේ වැව සුද්දකරන්න යයි

කොළඹ නගරයේ පිහිටි බේරේ වැවේ ජල තත්ත්වය සහ පරිසර පද්ධතිය වැඩිදියුණු කිරීමේ අරමුණින්, සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන විද්‍යුත් බෝට්ටු යොදා ගනිමින් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මගින් දිනකට…

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක අත්අඩංගුවට

ජනප්‍රිය ගායන ශිල්පී දමිත් අසංක වැල්ලවාය පොලිසිය විසින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පවුල් ආරවුලක් මත වැල්ලවාය පොලිසියට ලද පැමිණිල්ලක් අනුව සැකකාර දමිත් අසංක මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ. පොලිස් අත්අඩංගුවට ගත් ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්…

මාස 11කට පසු උද්ධමනය යළි ඉහළට

මාස 11ක් පුරා පහළ යෑමෙන් අනතුරුව කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මත පදනම් වූ උද්ධමනය අගෝස්තු මාසයේදී යළි ඉහළ ගොස් තිබෙනවා. සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව, ජූලි මාසයේ පැවති -0.3%ක උද්ධමනය අගෝස්තු මාසයේදී 1.2% දක්වා ඉහළ ගොස්…

අධිවේගයේ බස් රථවල මගීන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ ගැසට්ටුව හෙට

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථවල ගමන් කරන්නන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය හෙට නිකුත් කිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා. ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය…

අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා වන අමාත්‍යාංශයීය කමිටුව ප්‍රථම වරට රැස්වෙයි

අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා වන අමාත්‍යාංශයීය කමිටුව ප්‍රථම වරට ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශයේදී රැස්වුණා. අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වූ අතර එහිදී අධ්‍යාපන කවුන්සිලය පිහිටුවීම සඳහා පත් කර ඇති කමිටුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.…