Month August 2025

තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කරයි

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ. ඒ තැපැල්පති එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා විසින් ය. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සියලුම නිලධාරීන්ගේ නිවාඩු හෙට (17) දින සිට අවලංගු කරයි.

ට්‍රම්ප් – සෙලෙන්ස්කි හමුව ලබන සඳුදා

ලබන සඳුදා වොෂින්ටනයේදී අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවන බව යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ට්‍රම්ප් සමග පැවති දුරකථන සංවාදයෙන් පසු යුක්‍රේන ජනපති මේබව ප්‍රකාශයට පත්කළ බවයි. එකඟතාවකින් තොරව අවසන් වූ ට්‍රම්ප් – පුටින් සාකච්ඡාවෙන් දින 03කට පසු…

රේගු ඉතිහාසයේ වැඩිම අදායම, බිලියන 235ක් උපයයි

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ වැඩිම අදායම වූ රුපියල් බිලියන 235ක් පසුගිය මාසයේදී උපයා ඇති බව රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් නෝනිස් පවසනවා. ශ්‍රී ලංකා රේගුව විසින් ආනයන හා අපනයනකරුවන්ගේ පහසුව සඳහා නිර්මාණය කරන ලද රේගු සටහන්කර දැනුම්දීමේ පද්ධතිය ජනගත කිරීමේ අවස්ථාවට…

රත්තොට, මාරක අනතුරක්

රාජකාරිය සඳහා යතුරු පැදියකින් යමින් සිටි ග්‍රාම නිලධාරිවරයෙකු මාතලේ, කයිකාවල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක ගැටී එම ස්ථානයේදීම මරණයට පත්ව ඇතැයි රත්තොට පොලිසිය පවසනවා. මෙසේ මරණයට පත්ව ඇත්තේ මාතලේ, රත්තොට, කයිකාවල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙක්. අද (16) උදෑසන 8.30ට පමණ…

අස්වැසුම සමෘද්ධියටත් වඩා අකාර්යක්ෂම බව විපක්ෂ නායක කියයි

අස්වැසුම සහනාධාර වැඩසටහන දැනට ක්‍රියාත්මක වන්නේ සමෘද්ධි වැඩසටහනටත් වඩා අකාර්යක්ෂම ව්‍යාපෘතියක් ලෙස බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. ආර්ථික විශේෂඥයින් පිරිසක් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ අස්වැසුම ලැබිය යුතු ජනතාවගෙන් 58% කට එම…

තැපැල් සේවකයින් පිරිසක් අතිකාල වර්ජනයක..

අංශ කිහිපයක තැපැල් සේවකයින් අතිකාල සේවාවලින් ඉවත්වීමට තීරණය කර තිබේ. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ, සේවකයින්ගේ අතිකාල සහ වරප්‍රසාද කප්පාදුවට එරෙහිව මෙම පියවර ගෙන ඇති බවයි. ඒ අනුව, තැපැල් ප්‍රවාහන අංශය, නාරාහේන්පිට තැපැල් කාර්මික අංශය…

ගිනි අවි සමග අත්අඩංගුවට ගත් ගුවන් තොටුපල නිලධාරියා ගැන විශේෂ විමර්ශනයක්..-වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති කියයි –

ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපල ආරක්ෂක නිලධාරියා සම්බන්ධයෙන් ආයතන මට්ටමින් විමර්ශනයක් ආරම්භ කැර ඇතැයි වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එහිදී අනාවරණය වන තොරතුරු මත ඉදිරි පියවර ගන්නා…

චීනයට, ඉන්දියාවට දඬුවම් බදු දැන්ම පනවන්නේ නෑ – අමෙරිකාව

රුසියාවෙන් තෙල් මිලදී ගන්නා රටවලට වහාම ද්විතියික බදු පැනවීමේ තීරණයක් නොගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මේ අනුව චීනය, ඉන්දියාව වැනි රටවලට තර්ජනය කරමින් තිබූ අධික බදු පැනවීම වහාම සිදුනොවීම යම් සහනයක්වනු ඇති නමුත් සති දෙක තුනකින් මෙම බදු…

කාශ්මීර ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 280 දක්වා ඉහළට

ඉන්දු – පකිස්ථාන දේශසීමාවේ පිහිටි කාශ්මීරයට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 280ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, බොහෝ පිරිසක් තවමත් අතුරුදන්ව ඇති බවයි. එමෙන්ම ඊයේ සහන සේවාවල නිරතවූ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් 05 දෙනෙකු…

කෝටි 05කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට

වත්තල පොලිස් වසමේ බංගලාවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (15) වැටලීමක් සිදු කර කේරළ ගංජා කිලෝ 309කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 43 සහ 49ක් වන ග්‍රැන්ඩ්පාස්…