Month August 2025

මරදාන සහ කොටුව අතර දුම්රිය පීලි පැනීමක්

මරදාන සහ කොටුව අතර දුම්රිය පීලි පැනීමක් සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, ගාල්ලේ සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍රදේවී දුම්රිය මෙලෙස පීලි පැනීමට ලක් වී ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

තැපැල් සේවකයන්ගේ අඛණ්ඩ වර්ජනය අදත්

සියලුම තැපැල් හා පාලන කාර්යාලවල අඛණ්ඩ වර්ජනයක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය මෙන්ම ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ඇතුළු වෘත්තීය සමිති 28 ක් එම වර්ජනය සඳහා එක්ව සිටින බවයි සඳහන් වන්නේ. කෙසේ වෙතත්,…

තෙවැනි පාසල් වාරය අද සිට ආරම්භ වෙයි

2025 වසරේ රජයේ සහ රජය අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල තෙවැනි පාසල් වාරය අද (18) සිට ආරම්භ වීමට නියමිතයි. ඒ අනුව, මුස්ලිම් පාසල් සඳහා තෙවැනි පාසල් වාරය ලබන 25 වැනි සඳුදා ආරම්භ වීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්…

ඉන්දුනීසියාවේ, සුලවේසි දූපතේ භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ, සුලවේසි දූපතේ භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රික්ටර් මාපකයේ 5.7ක භූකම්පනයක් හටගෙන ඇති බවයි ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පවසන්නේ. මෙම භූ කම්පාව කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් සිදුව ඇති බවයි සඳහන්. එමෙන්ම ටොන්ගෝ දූපත ආශ්‍රිතව…

පුටින්ට ලියූ ලිපිය මෙලනියා ප්‍රසිද්ධ කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් වෙත දුන් ලිපිය ඇය විසින් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. පුටින්ගේ ඇලස්කා සංචාරයේදී ඔහුගේ අතට මෙම ලිපිය බාරදෙන ලද්දේ ඩොනල්ඩ් විසිනුයි. ඒ ඇය ඩොනල්ඩ්ගේ ඇලස්කා සංචාරයට සහභාගි නොවීම නිසයි.…

අමෙරිකාවේ බෲක්ලින් අවන්හලක වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

අමෙරිකාවේ බෲක්ලින් නුවර අවන්හලක් තුළ ඊයේ (16) රාත්‍රියේදී කිහිපදෙනෙකු විසින් එල්ල කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස්, තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. සිද්ධිය සිදුවන අවස්ථාවේ අවන්හල වසා දැමීමට ආසන්නව තිබූ බවත්, තුවාල ලැබූවන්…

චීන විදේශ ඇමති හෙට ඉන්දියාවට

චීන විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ විශේෂ සංචාරයක් ආරම්භ කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයකර තිබෙනවා. චීන විදේශ අමාත්‍යාංශ Wang Yi දෙදින නිල සංචාරයක් සඳහා හෙට (18) ඉන්දියාව බලා පැමිණීමට නියමිත බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ෂැංහයි සහයෝගීතා සංවිධානයේ…

නීතිවිරෝධීව මුදල් උපයා ඇද්දැයි සොයන්න හිටපු ඇමති පොලිසියට කැඳවයි

මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව සිදුකරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ලබන 20 වැනිදා මුල්‍ය අපරාධ විමර්ශන දිසාවෙහි නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා. 2011 අංක…

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරු දෙකක පුරප්පාඩු

ප්‍රියන්ත වීරසූරිය, පොලිස්පති ධූරයට පත්වීමත් සමඟ ඔහු දැරූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයත් නිලන්ත ජයවර්ධන, සේවයෙන් පහකිරීමත් සමඟ ඔහු එතෙක් දැරූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධූරයත් මේ වන විට පුරප්පාඩුව පවතිනවා. මෙම තනතුරු දෙක සඳහා පත්වීමට නියමිතව සිටින්නේ දැනට ශ්‍රී ලංකා පොලිසියේ…