Month August 2025

ධාවනයෙන් ඉවත් කර තිබූ බස් රථ 9 ක් යළි ධාවනයට

දෛනික ධාවනයෙන් ඉවත් කරන ලද 2014 වසරේදී ලංකාවට ආනයනය කරන ලද බස් රථ 9 ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කර තිබෙනවා. ඒ අනුව මේ සඳහා තාක්ෂණික දායකත්වය ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මිකයින් ලබාදී ඇති බවයි ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේ. 5000km…

ලක්ෂ 3ක් අල්ලස් ගත්තැයි ගොවිජන සේවා නිලධාරීන් දෙදෙනෙක් රිමාන්ඩ්

පර්චස් 50 ක කුඹුරු ඉඩමක් කුඹුරු ඉඩමක් නොවන බවට සහතික කර ලිපියක් ලබාදීමට රුපියල් ලක්ෂ 3ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බව කියන කටුනායක ආඬිඅම්බලම ගොවිජන සේවා කාර්යාලයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීවරයා සහ කෘෂිකර්ම පරීක්‍ෂණ සහකාර නිලධාරිවරයා හෙට (19) දින දක්වා…

නිරුවත් මළ සිරුරක් කයිලගොඩ කුඹුරකින් හමුවෙයි

බදුල්ල, කයිලගොඩ ප්‍රදේශයේ කුඹුරක තිබී අබිරහස් ලෙස මියගිය පුද්ගල මළ සිරුරක් අද (18) සොයාගෙන තිබෙනවා. සොයා ගන්නා විට එම සිරුර නිරුවත්ව තිබූ බවයි බදුල්ල පොලීසිය පැවසුවේ. කුඹුර හිමිකරු විසින් අදාළ මළ සිරුර දැක තිබෙන අතර ඒ අනූවයි පොලිසියට දන්වා ඇත්තේ.…

වරෙන්තුව අත්හිටුවන්නැයි රාජිතගෙන් මෝසමක්

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබාදී  රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධියකට අදාළව වරෙන්තු නිකුත් වී සිටින හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න එම වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන ලෙසට ඉල්ලා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද…

නව දේශපාලන පක්ෂ 83න් 36ක්ම ප්‍රතික්ෂේප වෙයි.

2025 වසර සඳහා ලියාපදිංචි කිරීමට ඉල්ලා තිබෙන නව දේශපාලන පක්ෂ 83න් 36ක්ම ප්‍රතික්ෂේප කිරීමට සිදුවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නයක පවසනවා. මුල් සලකා බැලීමේදී මූලික කරුණු සපුරාලීමට එම අයදුමපත් ඉල්ලුම් කරන ලද දේශපාලන පක්ෂවලට නොහැකි…

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

පාර්ලිමේන්තුව හෙට (19) රැස්වීමට නියමිතයි. ඒ අනුව, හෙට පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. පෙ.ව. 10.00 – 11.00 කාලය…

ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ කාර්යබහුල වේලාවන් හිදී, ගුවන් මගීන්ගේ පහසුව සඳහා මෙහෙයුම් කටයුතු සුමටව සිදු කිරීමට පියවර කිහිපයක් ගෙන ඇති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසනවා. ඒ අනුව, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල රාත්‍රී 10.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කාලය…

බදුල්ල ශික්ෂණ රෝහලේ වත්මන් ක්‍රියාකාරිත්වය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධාන‍යට

ඌව පළාතේ මිලියන 1.5 කට අධික ජනතාවකට සහ අවට ප්‍රදේශ රැසක ජනතාවට තෘතීයික මට්ටමේ විශේෂඥ සත්කාර ලබාදෙමින් රෝගී කේන්ද්‍රීය සෞඛ්‍ය සේවාවක් සපයන බදුල්ල ශික්ෂණ රෝහලේ වත්මන් රෝගී ප්‍රතිකාර සේවාවන්, ඉදිරි සංවර්ධන සැලසුම් සහ ‌භෞතික හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ කරුණු…

‘යුක්‍රේන ජනපතිට ඕන නම් රුසියා යුද්ධය වහාම නවතන්න පුළුවන්’ -ට්‍රම්ප්

යුක්රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කිට රුසියා-යුක්‍රේන ගැටුම ඉක්මනින් නැවැත්වීමේ හැකියාව පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ යුක්‍රේන ජනාධිපතිවරයාට අවශ්‍ය නම් යුද්ධය තවදුරටත් පවත්වාගෙන යාමට ද හැකි බවයි. “ඔබාමාදුන්නු ක්‍රිමියාව ආපහු ගන්න බෑ වගේම වගේම යුක්රේනයට නේටෝවට යන්නත්…

සුප්‍රකට නළු ටෙරන්ස් ස්ටෑම්ප් අභාවප්‍රාප්ත වෙයි

‘සුපර්මෑන්’ චිත්‍රපට මාලාවේ ප්‍රධාන දුෂ්ට චරිතයක් වූ ජෙනරල් සොඩ් ලෙස රඟපෑ සුප්‍රකට ඉංග්‍රීසි නළු ටෙරන්ස් ස්ටෑම්ප් අද (18) අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහු 87 හැවිරිදි වියේ පසුවුණා.