Month August 2025

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිවාඩු අනුමත කිරීම තාවකාලිකව නතර කරමින් චක්‍රලේඛයක් නිකුත් කෙරේ

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය නිවාඩු ලබා ගැනීම හේතුවෙන් අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය රාජකාරි අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපහසු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, විදේශීය සහ දේශීය නිවාඩු අනුමත කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නවතන ලෙස අමාත්‍යාංශ ලේකම්, විශේෂඥ…

DIG බිරිඳ ඇතුළු පිරිසක් නිධන් හෑරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් නියෝගයක්

නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් පිරිසක් අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිඹිරිගස්කඩවල ප්‍රදේශයේදී නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් අනවසරයෙන් සිදු කළ කැණීම් කටයුතු සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිසියට නියෝග කර තිබෙනවා. අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී, කැණීම සිදු…

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000 ක් එරට රැකියා සඳහා බඳවා ගැනීමට තායිලන්තයේ අනුමැතිය

තායිලන්තය තුළ පවතින ශ්‍රමිකයන්ගේ හිඟය හේතුවෙන්, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000ක් බඳවා ගැනීමට තායිලන්ත කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. තායිලන්තයේ වයස්ගත ජනගහනය ඉහළ යෑම සහ ශ්‍රම බලකාය අඩුවීම හේතුවෙන්, කෘෂි කර්මාන්තය, ඉදිකිරීම් සහ නිෂ්පාදන අංශය සඳහා අවම වශයෙන් ලියාපදිංචි විදේශීය…

තැපැල් වැඩ වර්ජනය අදත් පැවැත්වෙයි

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද (20) දිනයේත් ක්‍රියාත්මක වනවා. ඒ අනුව, සිය ඉල්ලීම්වලට අවසන් විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩව වර්ජනයේ නිරත වන බවයි තැපැල් වෘත්තීය සමිති පවසන්නේ. ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 18 වැනිදා පස්වරුවේ සිට…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (20) රැස්වීමට නියමිතයි. ඒ අනුව, අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර, පෙ.ව. 9.30 සිට පෙ.ව. 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර තිබෙනවා. පෙ.ව. 10.00 – 11.00 කාලය…

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර CIDයට පැමිණේ

හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන අංශයට පැමිණ තිබෙනවා. ඒ අනුව, ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදු කළ කැඳවීමක් අනුව ඔහු මෙලෙස පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල…

කම්බුලා මහරගමින් අල්ලයි

මීගොඩ මුතුහේන වත්ත නදුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඉකුත් (13) දා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට  සම්බන්ධ වෙඩික්කරු  ජීව අත් බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය බ්‍රාහ්මණගම පදිංචි “කම්බුලා” නමැති (38) හැවිරිදි පුද්ගලයෙකු බව…

සමාජ සේවා නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහන් සඳහා ඉදිරි අයවැයෙන් විශේෂ අවධානයක්

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති…

UPDATE : පෑලියගොඩදී වෙඩි වැදුණු දෙදෙනාගෙන් එක් අයෙක් මරුට

පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණු අතර, පෑලියගොඩ මාළු වෙළෙඳ සංකිර්ණයේ කම්කරුවෙකුට සහ මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකුට එම වෙඩි තැබීමෙන්…