Month August 2025

හිටපු ජනපති රනිල් CID අත්අඩංගුවට (වීඩියෝ)

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙක් අත්අඩංගුවට පත්වූ පළමු අවස්ථාව මෙයයි. ඔහු ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (22) උදෑසන පැමිණියා. එසේ පැමිණි අවස්ථාවේදීයි මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ. පෞද්ගලික…

මධ්‍ය තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) 5 වැනි දිනටත් ක්‍රියාත්මක කෙරේ. එවන් පසුබිමක් තුළ මධ්‍ය තැපැල් හුවමාරුවට පොලිස් ආරක්ෂාව ලබාදී ඇත. මේ අතර වර්ජකයන් පවසන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කරන කොන්දේසිවලට යටත්ව…

දකුණු ඇමෙරිකාවේ ප්‍රබල භූ කම්පනයක්

දකුණු ඇමරිකාවට අද දින රික්ටර් මාපකයේ 7.5 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබෙනවා. එමගින් සුනාමි තර්ජනයක් නොමැති බවයි පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසන්නේ. දකුණු ඇමරිකාවේ දකුණු කෙළවර සහ ඇන්ටාක්ටිකාව අතර පිහිටි ජල කඳක් වන ඩ්‍රේක් පැසේජ් හි ද කම්පන…

කෝටියක මුදල් මල්ල ඉස්සූ රියැදුරා පැය 24 ක් තුළදී අල්ලයි

බම්බලපිටියේ මුදල් ප්‍රවාහනය කරන ආයතනයක වෑන් රථයකින්  රුපියල් කෝටියකට අධික මුදල් මල්ලක් සොරා ගත් එම ආයතනයේම රියදුරා පැමිණිල්ල ලැබී පැය 24 ක් තුළදී අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසනවා. අස්ථානගත වූ මුදල් මල්ලේ තිබු රුපියල් එක්කෝටි තුන්ලක්ෂ අනූ හයදාහසක මුදලක් …

ගාසා තීරයේ සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡාවකට ඊශ්‍රායලය සූදානම් වෙයි

ගාසා තීරයේ දැනට ඉතිරි සියලුම ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සහ “ඊශ්‍රායලයට පිළිගත හැකි” කොන්දේසි මත ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා ආරම්භ කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු කැමැත්ත පළ කර ඇත. කෙසේ නමුත් පුළුල් ජාත්‍යන්තර සහ ඊශ්‍රායල…

ඒකාබද්ධ බස් කාලසටහන ලබන සඳුදා සිට ක්‍රියාත්මක කිරීමට පියවර

ලබන සඳුදා (25) මධ්‍යම රාත්‍රියේ සිට ඒකාබද්ධ බස් කාලසටහන් ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව, එහි පළමු පියවර ලෙස කොළඹ – පුත්තලම මාර්ගයෙන් මෙම වැඩසටහන ආරම්භ කරන බවත්, කොළඹ, පුත්තලම, අනුරාධපුර, වව්නියාව සහ යාපනය…

බණ්ඩාරගමදී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ හිටපු බන්ධනාගාර නිලධාරියෙක් – පොලිසිය

ඊයේ (21) බණ්ඩාරගම, බොල්ගොඩ පාලම අසල දී වෙඩි තබා ඝාතනය කෙරුණු පුද්ගලයා හිටපු බන්ධනාගාර නිලධාරියකු බව පොලීසිය අනාවරණය කරනවා. ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචි, ලලිත් කුමාර කෝදාගොඩ යන අය බවට මේ වනවිට සිදු කළ පරීක්ෂණ අනුව හඳුනාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය…

රාජකාරියට වාර්තා නොකරන තැපැල් සේවකයින්, සේවය හැර ගියා සේ සලකා කටයුතු කිරීමට පියවර ගන්නවා – තැපැල් දෙපාර්තමේන්තුව

අද (22) දින රාජකාරියට වාර්තා නොකරන තැපැල් සේවකයන් සේවය හැර ගියා සේ සලකා කටයුතු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. එසේම, වර්ජනයේ නිරත තැපැල් සේවකයන්ට අගෝස්තු මාසයේ වැටුප් නොගෙවන බවයි තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කර සිටියේ. සේවයට වාර්තා කළ පුද්ගලයන්ට පමණක්…

රනිල්ට අද CID වෙත කැඳවීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. පෞද්ගලික විදේශ සංචාරයක් සඳහා රජයේ මුදල් යොදාගත් බවට එල්ලවන ‍චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ. අදාළ විමර්ශනයට අදාළව, හිටපු ජනාධිපති ලේකම් සමන්…

සූරියවැව ප්‍රදේශයේදී STF සමඟ වෙඩි හුවමාරුවකින් සැකකරුවකු මරුට

හම්බන්තොට, සූරියවැව, වැවේගම කැළෑබද ප්‍රදේශයකදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමඟ සිදුවූ වෙඩි හුවමාරුවකදී සැකකරුවකු මිය ගොස් තිබෙනවා. අදාළ ස්ථානයේ සැකකරුවන් දෙදෙනකු රැඳී සිට ඇති අතර, වෙඩි හුවමාරුව අතරතුර එක් සැකකරුවකු පලා ගොස් ඇති බවත්, සැකකරුවන් විසින් එල්ල කළ අත්බෝම්බයක්…