Month August 2025

රජයේ වෛද්‍යවරුන් වර්ජනයකට සැරසේ

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ ගැටලුවලට විසඳුම් ලබානොදෙන්නේ නම් අනිද්දා (25) පෙරවරු 8 සිට දීප ව්‍යාප්ත වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා. වෛද්‍ය ස්ථාන මාරු ක්‍රියාවලිය, ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙලෙස දීප ව්‍යාප්තව මෙම වැඩ වර්ජනය…

හෙට ප්‍රදේශ රැසක් උණුසුම්

මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය ප්‍රදේශ රැසක හෙට (24) අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනූව උතුර, උතුරු මැද, නැගෙනහිර යන පළාත්වල මෙන්ම මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලද මෙම තත්ත්වය අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.…

කැපුම් තුවාල සහිත කාන්තා මළ සිරුරක් හමුවෙයි

නිවසක් තුළ සැකකටයුතු ලෙසින් මියගිය කාන්තාවකගේ මළ සිරුරක් හමුවී ඇතැයි පොලිසිය පවසනවා. මෙසේ මියගිය කාන්තාවගේ ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල වන බවයි වාර්තා වෙන්නේ. මාන්කුලම්, පාලප්පානි ප්‍රදේශයේ නිවසක තිබියදී සිරුර හමුවූ බවයි පොලිසිය පවසන්නේ. මරණකාරිය පැළදී සිටි රන් ආභරණ අස්ථාන ගත…

මෙරට මුහුදු සීමාව තුළ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදු කිරීමේ පූර්ණ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට

කැබිනට් අනුමැතියෙන් පසු ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙරට ස්වාධීන සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් සිදුකිරීමේ පූර්ණ වගකීම ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල වශයෙන් බලය පවරා ඇත. මේ පිළිබඳ තීන්දු තීරණ ගැනීම සහ මෙහෙයුම් සිදු කරන ආකාරය පිළිබඳ සොයා බැලීමේ…

‘ශ්‍රී ලංකාවේ නව රජය ලෙස අපි සියලු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කැපවී සිටිනවා’

ශ්‍රී ලංකාවේ වත්මන් රජය කිසිදු විශේෂ කිරීමකින් හෝ බෙදීමකින් තොරව සියලු ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට කැපවී සිටින බවත්, සියලු ජනතාවට එක ලෙස ගෞරවය, පිළිගැනීම, අභිමානය සහ මානව අයිතිවාසිකම් ලැබෙන පරිදි බවත් ඊයේ(22) පාර්ලිමේන්තු සභාවේදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රිතරන් මහතා නැගූ…

‘මම හැමදාම රට වෙනුවෙන් වැඩ කළා, පුද්ගලික කාරණාවලට වැඩ කරලා නැහැ’ – රනිල් අත්අඩංගුවට ගැනීමට පෙර කල ප්‍රකාශය

තමා කටයුතු කළේ රට වෙනුවෙන් බවත්, පුද්ගලික කාරණා වෙනුවෙන් කටයුතු නොකළ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට පෙර ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර තිබුණි. අද (23) කොළඹදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ…

රාත්‍රියේ බන්ධනාගාරයට පැමිණි දුමින්ද, ප්‍රසන්න, චාමර ඇතුළු පිරිසකට ඇතුල්වීමට අවසර නොදෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු, හිටපු අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, ප්‍රසන්න රණතුංග සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් ඇතුළු ආධාරකරුවන් පිරිසක් ඊයේ (22) රාත්‍රියේ නව මැගසින් බන්ධනාගාරය වෙත පැමිණ ඇති බව වාර්තා වෙනවා. කෙසේ වෙතත්, ඔවුන් බන්ධනාගාරය…

තැපැල් වර්ජනය අද හයවන දිනයටත්

තැපැල් සේවකයින් ආරම්භ කළ තැපැල් වර්ජනය 06 වන දිනයටත් අද (23) දිනයේදී ක්‍රියාත්මක වනවා. මධ්‍යම තැපැල් හුවමාරුවේ ගොඩ ගසා තිබුණු තැපැල් මලු ආරක්ෂක අංශ යොදවා නීතිවිරෝධී ලෙස රැගෙන යාමට කටයුතු කිරීම සම්බන්ධයෙන් නිතිමය පියවර ගැනීමට කටයුතු කරන බවයි ඒකාබද්ධ තැපැල්…

අද සහ හෙට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවලංගු කිරීමක් ගැන දැනුම්දීමක්

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී, රවීන්ද්‍ර පත්මප්‍රිය පවසනවා. ඒ අනුව, අද (23) සහ හෙට (24) යන දින දෙකේදී මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩංදූව සහ බූස්ස අතර දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය අවලංගු…

නන්දා මාලිනිය ඇගයීමේ ප්‍රණාම උලෙළක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලිනිය ඇගයීමේ ප්‍රණාම උලෙළක් ඊයේ (22) ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දී පැවැත්වුණා. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 09 වන මැදිරිය ‘නන්දා මාලිනී මැදිරිය’ ලෙස නම් කිරීම එහිදී සිදු කෙරුණු බවයි සඳහන් වන්නේ. එසේම, ගුවන් විදුලි…