Month August 2025

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…

ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ විමර්ශන නැවත ආරම්භ කර තිබෙනවා – මහජන ආරක්ෂක ඇමති

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අවසන් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. ඒ අනුව, අදාළ ලිපිගොනු නීතිපතිවරයා වෙත යවා ඇති බවත්, ඊට වගකිවයුත්තන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට පියවර ගනු ඇති බවත් ඊයේ (22) පාර්ලිමේන්තුවේදී…

බර වාහන රියදුරන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන අහඹු ලෙස පරීක්ෂා කිරීමේ වැඩසටහන් දීප ව්‍යාප්තව සිදු කිරීමට තීරණයක්

බර වාහන රියදුරන් සඳහා මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පරීක්ෂා කිරීම් සිදු කළද, බොහෝ රියදුරන් ඒ පරීක්ෂණ වෙනුවෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් මිදී සිටිමින් පරීක්ෂණයට පැමිණෙන බවත්,, ඇතැම් පුද්ගලයන් වැරදි මූත්‍රා සාම්පල පවා ඉදිරිපත් කරන බවත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පවසනවා. ඒ අනුව, මත්ද්‍රව්‍ය…

විපක්ෂයේ සියලු කණ්ඩායම් කොළඹ මල් පාරට රැස්වෙයි

විපක්ෂය නියෝජනය කරන සියලු කණ්ඩායම්, කොළඹ මල් පාරේ පිහිටි පක්ෂ කාර්යාලය වෙත රැස් වී තිබෙනවා. ඒ අනුව, මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂය නියෝජනය කරන හිටපු මැති ඇමතිවරුන් මෙන්ම වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද පැමිණ සිටින බවයි…

රනිල් වික්‍රමසිංහ දැඩි සත්කාර ඒකකයට

බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා. විජලන තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනාධිපතිවරයා මෙලෙස දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ලුසියානා තෙල් කම්හලක දැවැන්ත පිපිරීමක්

අමෙරිකාවේ ලුසියානාහි පිහිටි ලිහිසි තෙල් නිෂ්පාදන කම්හල සිදුවූ පිපිරීමක් හේතුවෙන් ඒ අවට ජනතාව වහා ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. විදෙස් වාර්තාවල දැක්වෙන්නේ කම්හලෙන් පිටවන විෂ දුමාරය හේතුවෙන් අසල්වැසි ජනතාවට ශ්වසන ආබාධ මතුවන බැවින් මෙම පියවර ගෙන ඇති බවයි. ස්මිටීස් සප්ලයි…

බි්‍රතාන්‍ය – ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ණය ගිවිසුමක්

2028 දක්වා ප්‍රධාන ණය ආපසු ගෙවීම සඳහා සහන කාලයක් සහිතව, පොලී ගෙවීම් නැවත ආරම්භ කිරීමට ඉඩ සලසමින්, බි්‍රතාන්‍ය සහ ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වික ණය ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ ගිවිසුමේ නියමයන්ට අනුවයි. අදාළ ගිවිසුමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ ශ්‍රී…

”ජනප්‍රිය දේවල් කියලා ආණ්ඩුව මිනිස්සුන්ව චූන් කරනවා” – හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක

සේවක අයිතිවාසිකම්, ඉල්ලීම් දිනාගන්න වර්ජන කරන එක දැන් ආණ්ඩුවේ අයට වැරදි විදියට පෙනෙන බවත්, ඇමරිකාව පැනවූ තීරු බදු ප්‍රමාණය යම් තරමකට අඩු කර ගැනීමට ආණ්ඩුව සමත්වීම හොඳ විදිහට දකින බවත් ඔහු පවසනවා. ඒ වගේම වත්මන් විදුලිබල ඇමතිවරයාට එරෙහිව විපක්ෂය ගොඩනගන…

පොලිසියට PCID විමර්ශන අංශයක්

අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ විමර්ශනය සඳහා ශ්‍රී ලංකා පොලිසියට නව විමර්ශන අංශයක් ආ‍රම්භ කිරීමට නියමිතයි. නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා මේ බව කියා සිටියේ අද (23) පැවති විශේෂ පොලිස් මාධ්‍ය හමුවට එක්වෙමින්. පාර්ලිමෙන්තුවේ සම්මත කෙරුණු අපරාධයකින් උත්පාදිත දේපළ පිළිබඳ පනතට අනුවයි…

රනිල් වෙනුවෙන් හිටපු ජනපතිවරුන් හෙට කරන්න යන දේ..

දැනට රක්ෂිත බන්ධනාගාර ගතිවී සිටින රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් හිටපු ජනාධිපතිවරුන් එකතු වී හෙට විශේෂ මාධ්‍ය හමුවක් කොළඹ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා.මේ මාධ්‍ය හමුව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන් රැසක්ම සහභාගි වීමට නියමිතව…