Month August 2025

හෙට ප්‍රදේශ කිහිපයක උණුසුම ඉහළට

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (25) දිනය සඳහා වලංගු වන පරිදි, 2025 අගෝස්තු 24 දින ප.ව. 03.30 ට නිකුත් කරන ලදී. උතුරු,…

හවායි හි කිලාවියා ගිනි කන්ද පුපුරයි – ලාවා විදියි

හවායි හි කිලවුයා ගිනි කන්ද ඉකුත් සිකුරාදා නැවත පුපුරා ගොස් ඇත. එහි කඳු මුදුනේ ආවාට තට්ටුවේ කොටසක් හරහා අඩි 100ක උසකින් යුත් ලාවා තට්ටුවක් වාතයට විදින අයුරු දිස්වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. පසුගිය දෙසැම්බර් මාසයේ සිට කිලාවියා හි…

යූටියුබ් සුදාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විශේෂ විමර්ශන‍යක්

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට පත්වීම සහ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධව අධිකරණ තීන්දුවට පෙර ප්‍රකාශයක් සිදුකළ සුදත්ත තිලකසිරි නමැත්තා සම්බන්ධයෙන් පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එස්.යූ. වුට්ලර් පවසනවා. ඒ එක්සත් ජාතික පක්ෂයේ…

දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

මැදවච්චිය ප්‍රදේශයේ දී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ මැදවච්චිය, යකාවැව දුම්රිය ගේට්ටුව ආසන්නයේදී කොළඹ කොටුව සිට මන්නාරම දක්වා ධාවනය වූ දුම්රියක ගැටී ඔහු  මියගොස් ඇති බවය. මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි මැදවච්චිය, යකාවැව ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු…

කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

සීනිගම ඓතිහාසික ශ්‍රී මහා දෙවොල් දේවාල පෙරහර හේතුවෙන් කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය දැනුම් දීමක් සිදුකර තිබේ. ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහර 2025.08.24 වන දින සිට 2025.08.26 වන දින දක්වා…

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක්

දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබන රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද සළකා ඔහුගේ සුව දුක් බැලීමට පැමිණීම සීමා කරන්නැයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන දේශපාලඥයින්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසීමට…

තැපැල් වැඩවර්ජනය අවසන් වෙයි

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය මේ මොහොතේ සිට අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. අද (24) අමාත්‍යවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ඇති කරගත් එකඟතා මත මෙලෙස වැඩවර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර…

මෙම සිදුවීම, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වල හරය මත එල්ල කරන ලද සැලසුම් සහගත ප්‍රහාරයක් – චන්ද්‍රිකා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම වටා ඇති විශේෂ තත්ත්වයන්, රටේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ශක්තිය පිළිබඳ බරපතල කනස්සල්ලක් ඇති කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පවසනවා. ඒ අනුව, මෙම සිදුවීම, මෙරට ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වල හරය මත එල්ල කරන ලද සැලසුම්…

දේශපාලනඥයක් රිමාන්ඩ් එකේ හිටියේ නැත්නම් ඒ දේශපාලන චරිතය අංග සම්පූර්ණ වෙන්නේ නැහැ – මෛත්‍රී

රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවක් මතුව ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ අනුව, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක තිබෙන ගති ලක්ෂණ ක්‍රමයෙන් මැකී යන ආකාරයක් දක්නට ලැබෙන බවත්, ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ මිනී පෙට්ටියේ ලෑලි යතු ගාමින් සිටින ආකාරයක් පෙනෙන්නට ඇති…

රනිල් අත්අඩංගුවට ගැනීම ගැන ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂී තරූර්ගේ කණස්සල්ල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂී තරූර් කනස්සල්ල පළ කර තිබෙනවා. X සටහනක් නිකුත් කරමින් ඔහු සඳහන් කර තිබෙන්නේ, බැලූ බැල්මට පෙනෙන්නේ සුළු චෝදනා මත හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රඳවා තබා ගන්නා බවයි. ඔහු වැඩිදුරටත්…