Month August 2025

අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර ගඟේ

ඉත්තෑපාන, මීගම පාලම යටින් ගලාබසිනා බෙන්තර අතු ගංගාවේ පාවෙමින් තිබි පුද්ගල මළ සිරුරක් හමුවූ බව ඉත්තෑපාන පොලීසිය පවසයි. එලෙස මියගොස් තිබුණේ ඉත්තෑපාන බදුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි පුද්ගලයෙකි. දිනකට පෙර නිවසින් අතුරුදන්ව සිටි බව පැවසෙන පුද්ගලයාගේ සිරුර එලෙස සොයාගත්…

ඔස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිට එරටින් පිටවන්නැයි දැනුම්දීමක්

ඔස්ට්‍රේලියාවේ ඉරාන තානාපතිවරයාට එරටින් පිටව ලෙස ඔස්ට්‍රේලියානු රජය දැනුම් දී තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී සිඩ්නි සහ මෙල්බර්න්හි ස්ථාන දෙකකට එල්ල වූ යුදෙව් විරෝධී ප්‍රහාර සඳහා ඉරානය සම්බන්ධ බවට ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ විසින් තහවුරු කරගෙන ඇති…

කහවත්තේ වෙඩිතැබීමේ ඝාතන සැකකරුවෙක් අත්අඩංගුවට

කහවත්තේ වෙඩිතැබීමේ ඝාතන සැකකරුවෙක් රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කහවත්ත පොලිස් වසමේ යායින්න ප්‍රදේශයේදී ජූනි මස 30 දින පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (26) පැල්වාඩිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගෙන…

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයකුට පහර දී ඝාතනය කෙරේ

මකුළුගස්වැව ප්‍රදේශයේ දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහර දී, ඝාතනය කර තිබෙනවා. මෙම පුද්ගලයා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේදී, තවත් පුද්ගලයෙකු විසින් මාර්ගය හරස් කර නවතා පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඝාතනයට…

උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ

2023 සහ 2024 වසරවලට අදාළව පැවති උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. ඒ අනුව, එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk සහ www.result.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ලබාගත හැකි බවයි සඳහන් වන්නේ. එම විභාගය සඳහා අයදුම්කරුවන් 235,031 ක්…

අගෝස්තු වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම්වලට යොමු කෙරේ

අගෝස්තු මාසයට අදාළව, අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව අද (27) බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා. ඒ අනුව, රුපියල් කෝටි 299ක මුදලක්, ප්‍රතිලාභීන් 599,730 ක් අතරේ බෙදා හැරීමට නියමිත බවයි එම…

ශෂීන්ද්‍ර යළි රිමාන්ඩ්

ශ්‍රී ලංකා මහ­වැලි අධි­කා­රි­යට අයත් සෙව­ණ­ගල ප්‍රදේ­ශයේ පිහිටි ඉඩ­මක අන­ව­ස­ර­යෙන් ඉදි­කර තිබූ ගොඩ­නැ­ඟි­ල්ලක් ඇතුළු දේපළ ඉකුත් අර­ගල සමයේ විනා­ශ­යට පත් වීමෙන් අන­තු­රුව හානි පූර්ණ කාර්යා­ලය නිල­ධා­රීන්ට බල­පෑම් කර එම දේපළ වෙනු­වෙන් රුපි­යල් 8,850,000ක වන්දි ලබා ගත් බව කියන සිද්ධිය සම්බ­න්ධ­යෙන්…

පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටී සිසුන් තිදෙනෙක් මරුට

කුලියාපිටිය, විලපොළ පාලම ආසන්නයේදී අද (27) උදෑසන සිදුවූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවයි සඳහන් වෙන්නේ. පාසල් වෑන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

රාජිත සේනාරත්නගේ දේපළ තහනම් කිරීමට ඉල්ලූ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

වරෙන්තු නිකුත් වී සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ දේපළ තහනම් කරන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව, මෙම නඩුවේ ඉදිරි දිනය වන 29 වැනිදා මෙම ඉල්ලීම සිදු කරන ලෙසට මෙහිදී…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ සහ උතුරු පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර, ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ…