Month July 2025

ස්නාන මංගල්‍යයේ නැටුම් නැටූ තරුණයා හදිසියේ මරුට

යාපනයේ මල්ලාකම් පයිරිත්තල් ප්‍රදේශයේ පිහිටි කෝවිලක වාර්ෂිකව පැවැත්වෙන ස්නාන මංගල්‍යයේදී නර්තනයක යෙදී සිටි තරුණයෙකු හදිසියේම බිම ඇද වැටී 28 දා මියගොස් ඇති බව අප වාර්තාකරු පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩත්තරිපු, පල්ලසුට්ටි ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි අන්නාරාසා ඇලෙක්සන් නැමති අයෙක්. ස්නාන…

අද රාත්‍රියේ උල්කාපාත වර්ෂාවක් දැක ගැනීමට අවස්ථාව

මෙම වසරේ දැක ගැනීමට ලැබෙන ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් වන Southern Delta Aquariid උල්කාපාත වර්ෂාව අද (29) රාත්‍රියේ සිදුවන බව අභ්‍යවකාශ විද්‍යාඥ ගිහාන් වීරසේකර පවසනවා. ඒ අනුව, කුම්භ තාරකා රාශිය ආශ්‍රිතව මෙම උල්කාපාත වර්ෂාව ඇති වන අතර, රාත්‍රි 9.00 න් පසුව…

මහනුවර ඇසළ පෙරහැර නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට

මහනුවර ඇසළ පෙරහැර නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අගෝස්තු 04 සිට 08 දක්වා මහනුවර ඇසළ පෙරහැරෙහි රන්දෝලි පෙරහැර වෙනුවෙන් මෙම විශේෂ දුම්රිය ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොළඹ කොටුවේ සිට…

වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම්වලින් වාර්ෂිකව දඩ මුදලක් අය කිරීමට හැකිවන ලෙස නීති ප්‍රතිපාදන ගෙන ඒමට පියවර

මෙරට වෙරළ තීරයේ ඇති අනවසර ඉදිකිරීම්වලින් වාර්ෂිකව දඩ මුදලක් අය කිරීමට හැකිවන ලෙස නීති ප්‍රතිපාදන ගෙන එන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, එම අනවසර ඉදිකිරීම් සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කිරීමටද සැලසුම් කරන බවයි එහි…

රන් ආලේපිත ගිනි අවි නඩුවෙන් දුමින්ද නිදහස් කිරීමට නියෝග

රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එම නඩුවෙන් මුදා හැරීමට අද (29) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. එයට අදාළ නඩුව අද…

යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක, බිරිඳ සහ දියණියගේ මළ සිරුරු නිවසේ තිබී සොයා ගැනේ

යහලතැන්න ප්‍රදේශයේ නිවසක් තුළ තිබී පුද්ගලයෙකුගේ සහ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගත් බව පොලීසිය වාර්තා කරනවා. 52 හැවිරිදි මෙම පුද්ගලයා යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කර ඇති අතර ඔහු සියදිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ. 44 සහ 17…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය…

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි CID අත්අඩංගුවට

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල් බද්දර පද්මේ නැමැත්තා තමන්ට මරණ තර්ජන සිදුකළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි…

ගම්පොල කුඩ කර්මාන්ත ශාලාවක ගින්නක්

ගම්පොල නගරයේ පිහිටි කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. ඒ අනුව ගින්න පාලනය සඳහා ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බවයි ගිනි නිවන ඒකකය සඳහන් කළේ. මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ කුඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් බවයි…

අනුර ගෝ ගම ආරම්භ වෙන්නේ සෙවනගලින් – දයාසිරි

සෙවනගල සීනි කර්මාන්ත ශාලාව 2022 වසරේ සිට 2024 දක්වා ජනක වක්කුඹුරගේ නායකත්වයෙන් ලාභ ලබන තත්ත්වයකට පත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඒ අනුව, එම කාලයේදී දුඹුරු සීනි රට තුළ නිෂ්පාදනය කළ බවත්, සුදු සීනි ආනයනය ද අඩුවූ බවයි…