Month July 2025

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ…

ආමි උපුල් ඝාතනයේ සැකකරුවෙක් ගිනි අවි දෙකක් සමඟ අත්අඩංගුවට

රාගම බටුවත්ත ප්‍රදේශයේ පසුගිය 03 වනදා රාත්‍රියේ වෙඩි තබා “ආමි උපුල්” නැමැති පුද්ගලයෙකුව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අද (ජූලි 8) රාගම බටුවත්ත ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී අදාළ සැකකරු අත්අඩංගුවට…

පාකිස්ථානයේ ළමා ශ්‍රමිකයින් මිලියනයක් ගැන අනාවරණයක්

2022-2024 සින්ද් ළමා කම්කරු සමීක්ෂණයට අනුව පාකිස්ථානයේ සින්ද් හි වයස අවුරුදු 5 සහ 17 අතර ළමුන් මිලියන 1.6කට වැඩි පිරිසක් ළමා ශ්‍රමිකයින් ලෙස සිටින බව අනාවරණ වී තිබෙනවා. යුනිසෙෆ් සහ සංඛ්‍යාලේඛන කාර්යාංශයේ තාක්ෂණික සහාය ඇතිව පළාත් කම්කරු දෙපාර්තමේන්තුව විසින් පවත්වන…

පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

පොලිස් දෙපාර්තමේන්තුවේ මේ වනවිට පුරප්පාඩු 28,000ක් පමණ ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවා. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, අද (08) පාර්ලිමේන්තුවේදීයි. එමෙන්ම 5,000ක පමණ පිරිසක් බඳවා ගැනීමට අනුමැතිය ලැබුණු බවත්, ඒ සඳහා ගැසට් නිවේදනය නිකුත්…

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ජනපතිගෙන් පූර්ණ සහයෝගය

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් සමස්ත අධ්‍යාපන පද්ධතියේ පහසුකම් වැඩිදියුණු කරන අතරම ආයතනික පද්ධතියම ශක්තිමත් කළ යුතු බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුලු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින් සමග අද (08)…

දහම් පාසල් ගුරුවරුන්ට ලබන වසරේ සිට දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවේ

දහම් පාසැල් ගුරුවරුන් හට ගුරු දීමනාව හා නිල ඇඳුම් දීමනාව ඇතුළත් තනි දීමනාවක් ලෙස, රුපියල් 7,500/- ක මුදලක් වර්ෂයකට එක් වතාවක් ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 2026 වර්ෂයේ සිට ඉදිරියට මෙය ක්‍රියාත්මක වන අතර, බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි හා…

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුර සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශ්‍රාමික කොමදෝරු එම්.බී.එන්.ඒ. ප්‍රේමරත්න පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව, දැනට සුරාබදු කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යූ.එල්. උදය කුමාර…

ගොවි විශ්‍රාම වැටුප් ගැටලුවලට විසඳුම් ලබාදෙයි

ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සම්බන්ධයෙන් පැවති ගැටලුවලට විසඳුම් ලබාදී ඇති බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. ගොවි විශ්‍රාම වැටුප් හා සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය සඳහා ගොවීන් 871,425 දෙනෙකු දායක වී සිටින අතර, ඉන් ගොවීන් 178,927 දෙනෙකු තැපැල් කාර්යාල…

භාතිය හස්තියාගේ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනවා – පශු වෛද්‍ය තරිඳු විජේකෝන්

රෝගාතුර වී, අසාධ්‍ය තත්ත්වයේ පසුවන භාතිය හස්තියාට තවදුරටත් ප්‍රතිකාර කරමින් සිටින බව පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ පශු වෛද්‍ය තරිඳු විජේකෝන් පවසනවා. ඒ අනුව, ප්‍රතිකාර සිදුකරන තෙවන දිනය වන අද (08) දිනයේ එම හස්තියාගේ යම්තාක් ප්‍රගතියක් පෙන්නුම් කරන බවත්, හස්තියාගේ අත්වල…

හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා ඇතුළු පිරිසට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඔවුන්ගේ නඩුව අද (08) කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු…