ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

වෙළෙඳපොළ තුළ ඇසුරුම් නොකළ පොල්තෙල් (ලූස් පොල්තෙල්) අලෙවිය නතර කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමුකර ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණවක ඊයේ (13) ප්‍රකාශ කළා. පොල්තෙල් නමින් වෙළෙඳපොළේ විවිධ තෙල් වර්ග අලෙවි කරන බවත් මේවා ආහාරයට ගැනීමෙන් බෝනොවන රෝගවලට ලක්වන…