Month July 2025

යල කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ලක්ෂ 06 ක් වී අලෙවි මණ්ඩලයෙන් මිලදී ගනී

යල කන්නයේ අස්වැන්නෙන් වී කිලෝ ග්‍රෑම් හය ලක්ෂයක් මේ වනවිට වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති බව එහි සභාපති මංජුල පින්නලන්ද පවසනවා. ඉන් වැඩිම ප්‍රමාණය මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් වන අතර, මීට අමතරව උතුරු පළාතෙන් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද…

වැලිගම NPP ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්

වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් වන නීතිඥ තාරක නානායක්කාරගේ නිවසට අද (16) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ. එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත්…

ප්ලග් ටෙන්ඩර​ය අවලංගු කෙරේ

ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය සඳහා කාර්මික විදුලි සැපයුම් ඒකක (Industrial Type Power Distribution Units) 700 ක් සැපයීම සහ බෙදාහැරීම සඳහා වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවලංගු කළ බව එම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව…

රජයේ වනාන්තර 16 ක් රක්ෂිත ලෙස ගැසට් කෙරේ

වනාන්තර රක්ෂිත කර රැක ගැනීමේ “වනස්පති” ජාතික වැඩසටහන යටතේ රජයේ වනාන්තර 16ක් රක්ෂිත ලෙස ගැසට් කිරීමට පියවර ගෙන තිබෙනවා. මොණරාගල, අම්පාර සහ මහනුවර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මෙලෙස රජයේ වනාන්තර රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. එම…

අද කාලගුණ නිවේදනය

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව, උතුරු සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…

දවස් 54 ක් යාලුවෝ වෙලා හිටපු කණ්ඩායම දාලා එන්න වුනු එක ගැන දුකයි – දුමින්ද දිසානායක

හාවර්ඩ් විශ්ව විද්‍යාලයට ගොස් ලබාගන්නා දැනුමට වඩා හොඳ සමාජ අවබෝධයක් පසුගිය දින 54 තුළ තමාට ලබා ගැනීමට හැකියාව ලැබුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා. ඒ අනුව, වසර 25 ක තමාගේ දේශපාලන දිවිය තුළ තමාට සතුටුම දින 54 වනුයේ…

හෙද සේවයට නව බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය ගැසට් නිවේදන දෙකක් සිකුරාදා නිකුත් කෙරේ

හෙද සේවයේ පවතින පුරප්පාඩු සඳහා වන බඳවා ගැනීම් උදෙසා ගැසට් නිවේදන 02 ක් එළැඹෙන සිකුරාදා දින නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඒ අනුව, 2020 වසරේ සිට 2022 වසර දක්වා අ.පො.ස. උසස් පෙළ…

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට නව බලවේග කට්ටල පහක් ලබාදීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට නව බලවේග කට්ටල 05 ක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. දැනට භාවිතයේ ඇති බලවේග කට්ටල වසර 20කට වැඩි කාලයක් සේවයේ යොදවා ඇති අතර, ඒවායේ නිතර ක්‍රියා විරහිතවීම් සහ බිඳවැටීම් වාර්තා වන බවයි අදාළ කැබිනට් තීරණයේ…

online ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ව්‍යාපෘතිය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල /කාර්යාල 20ක් මඟින් මාර්ගගත ක්‍රමවේදය (online) ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන ව්‍යාපෘතිය මෙම වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව, දූත මණ්ඩල / කාර්යාල 20ක් ආවරණය වන පරිදි…

හරක් කටා ඇතුළු පිරිසකට එරෙහි නඩුවක සාක්ෂි විභාගයට දින නියම ‍කෙරේ

මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, මෙම නඩුව අද…