බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

තේ වත්තක කම්කරුවන් පිරිසකට අද (16) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ 14 දෙනෙකු ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා. ආගරපතන, නල්ලතන්නිය වත්තේ වතුකම්කරුවන් 09 දෙනෙකු සහ ටොරින්ටන් වතුයායේ කම්කරු කාන්තාවන් 05 දෙනෙකු මෙසේ රෝහල් ගත කළ බවයි පොලිසිය පවසන්නේ.…