Month June 2025

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජූලි අගදී

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 (2025) විභාග ප්‍රතිඵල ජූලි මස තුන්වැනි සතියේදි පමණ නිකුත් කිරීමට හැකි වනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවාය. විභාග ප්‍රතිඵල නිකුත් කරන බවට ඉකුත් දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ…

හෙට සිට ජාතික මදුරු මර්දන සතියක්

නිරිතදිග මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් හෙට (30) සිට ඡූලි 5 දක්වා විශේෂ මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.…

හෙට පාර්ලිමේන්තුව විශේෂ දිනයක් ලෙස රැස්වෙයි

විශේෂ පාර්ලි‍මේන්තු රැස්වීම් දිනයක් ලෙස හෙට (30) දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව, පාර්ලිමේන්තුව හෙට පෙරවරු 09.30ට රැස්වීම‍ට නියමිත බවයි සඳහන් වෙන්නේ. 024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ  ජූනි 30…

GMOA සභාපති ලෙස වෛද්‍ය සංජීව යළි පත්වෙයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයේදී සභාපති ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් යළි තේරී පත්ව තිබෙනවා. එසේම එම සංගමයේ ලේකම්වරයා ලෙස වෛද්‍ය ප්‍රභාත් සුගතදාස තේරී ඇති බවයි සඳහන් වෙන්නේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණය ඊයේ (28) පවත්වා තිබුණා.

මිද්දෙණිය, තෝරකොළයාය ද්ව්ත්ව ඝාතනයේ වෙඩික්කරු පැමිණි යතුරුපැදිය සොයාගනී

පසුගිය 24 වැනිදා මිද්දෙණිය, තෝරකොළයාය තේක්ක රක්ෂිතය අසලදී  තරුණයින් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මිද්දෙණිය, ඕකන්දයාය, පෙරළිදවැව ප්‍රදේශයේ මෙම යතුරුපැදිය දමා ගොස් තිබියදී, ප්‍රදේශවාසියෙකු ලබා දුන් තොරතුරක් මත පොලිසිය…

Najmul Hossain Shanto බංග්ලාදේශ ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 1-0 කින් පරාජය වීමෙන් පසු බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් නායක Najmul Hossain Shanto බංග්ලාදේශ ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේ, ටෙස්ට් නායකත්වයේ තවදුරටත්…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති…

ඩයිනෝසර විශේෂයක් ගැන නවතම අනාවරණයක්

සුනඛයකුගේ ප්‍රමාණයේ නව ඩයිනෝසෝර විශේෂයක් විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා. එම විශේෂය නම්කර ඇත්තේ එනිග්මාකර්සර් ලෙසයි.  මෙම ඩයිනෝසෝර විශේෂය වසර මිලියන 150කට පමණ පෙර ජීවත් වූ බවට සැළකේනවා.  මෙම ඩයිනෝසෝර විශේෂය මුලින් නැනෝසෝරස් ලෙස වර්ගීකරණය කරන ලද නමුත් විද්‍යාඥයන් දැන් එය…

ගණේමුල්ල සංජීව ඝාතනයට 12ක් අත්අඩංගුවට

පාතාල නායක ගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.  එම ඝාතන සිද්ධියට සම්බන්ධ වී දැනට අතුරුදන් තත්ත්වයේ සිටින ඉෂාරා සෙව්වන්ති නමැත්තිය රටින් පැන ගොස් නැති බවයි ඔහු පැවසුවේ.  එමෙන්ම සැක…

වසරේ මේ දක්වා සංචාරකයන් 1,146,272ක් දිවයිනට

මෙම මාසයේ මුල් දින 26 තුළදී විදෙස් සංචාරකයින් 116,469 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.  එහිදී වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 32,977 ක්.  ඊට අමතරව එක්සත් රාජධානිය, චීනය හා පාකිස්ථානය ඇතුලු රටවල් 09 කින් අදාළ කාලයේදී වැඩි වශයෙන්…