Month June 2025

අද කාලගුණ නිවේදනය

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන්, අද (10) දින සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද…

ජගත් සාගර දින ජාතික වැඩසටහන කොළඹ වරාය නගරයේදී

ජුනි මස 08 වැනි දිනට යෙදී ඇති ජගත් සාගර දිනය නිමිත්තෙන්, සාගරයේ පාරිසරික හා ආර්ථික වැදගත්කම සහ අනාගතය වෙනුවෙන් සාගරය රැක ගැනීමේ වැදගත්කම සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන 2025 ජූනි මස 08 වැනි දින කොළඹ වරාය නගර පරිශ්‍රයේදී පැවැත්විණි.…

කොළඹ සිට මුම්බායි වෙත ගමන් කරමින් තිබූ නෞකාවක පිපිරීමක් සිදුවෙයි

කේරළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ දී සිංගප්පූරු ධජය සහිත බහාලුම් නෞකාවක පිපිරීමක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව MV Wan Hai 503 නම් වූ මීටර් 270ක් දිගින් යුත් මෙම යාත්‍රාව පසුගිය ජුනි 07 වැනි දින කොළඹ වරායෙන්…

ආණ්ඩුවේ උද්දච්චකමයි, වැඩ බැරි ටාසන්ලා ටිකයි එක්ක තමයි ආණ්ඩුවට දුවන්න වෙලා තියෙන්නේ – දයාසිරි

ඉතිහාසයේ කිසිඳු දිනක මේ ආකාරයෙන් වැරදි ලෙස සිරකරුවන් නිදහස් කිරීමේ සිදුවීම් වාර්තා වී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. සිරකරුවන් නිදහස් කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදයක් ඇති බවත්, එහිදී වැරදි සිදුවීමේ හැකියාවක් නොමැති බවයි අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයෙක් පත් කෙරේ

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩ බැලීම සඳහා අතිරේක ලේකම්වරයෙක් පත් කර තිබෙනවා. ඒ අනුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිෂාන් ධනසිංහ මෙලෙස පත්කර ඇති බවයි සඳහන් වෙන්නේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියගේ වැඩ තහනම් කිරීමට අද (09) පස්වරුවේ කැබිනට් මණ්ඩලය…

ජනපති 11 වැනිදා ජර්මනියේ නිල සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායක ලබන 11 වැනිදා සිට 13 වැනිදා දක්වා ජර්මනියේ සංචාරයක නිතර වීමට නියමිතව තිබෙනවා. ජර්මානු ජනාධිපති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව සිදු කෙරෙන මෙම සංචාරයේදී ජර්මානු ජනාධිපතිවරයා, ෆෙඩරල් රජයේ ප්‍රධාන අමාත්‍යවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් සමග ද්වි-පාර්ශ්වික…

අනුරාධපුරයට පැමිණෙන ඔබට APP එකක්

පොසොන් උත්සවය සඳහා අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට අවශ්‍ය සියලු තොරතුරු ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ලබාගැනීමට අවස්ථාව සලසා දීමට ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් කටයුතු කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් නිර්මාණය කරන…

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමේ තීරණයක්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය මඟින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකු ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීමේ සිදුවීමට…

උදය ගම්මන්පිල CIDයෙන් පිටව යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඉන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, ඔහු පැය 03 ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ. බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය…

සිර දඬුවමට එරෙහිව මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

වසර 20 ක සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000 සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර…