Month June 2025

Clean Sri Lanka අපි හැමෝගෙම lifestyle එක විය යුතුයි – අගමැති

සෑම විදුහල්පතිවරයෙක්ම තම පාසලේ Clean Sri Lanka වැඩසටහන රටටම ආදර්ශයක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බවත්,  Clean Sri Lanka  වැඩසටහන රටේ සියලුදෙනාගේ  lifestyle එක විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  මහත්මිය පැවසුවාය. අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අරලියගහ මන්දීරයේ දී,…

වීදි ළමුන්ගේ ජීවන වියදම් සඳහා රජයෙන් දීමනාවක්

ආයතනික රැකවරණය හෝ භාරකාරත්වය යටතේ වන ළමුන් සහ වීදි ළමුන් සඳහා ජීවන වියදම් දීමනාවක් ලබාදීම සඳහා කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, ආයතනික රැකවරණය හා භාරකරුවන් සන්තකයේ සිටින ළමුන් සහ…

දුම්රිය නියාමක සංගමය සිකුරාදා සිට සංකේත වැඩ වර්ජනයකට සූදානම් වෙයි

දීර්ඝකාලීනව නොවිසඳුනු පරිපාලන ගැටලු මුල් කරගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට තීරණය කළ බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසනවා. ඒ අනුව දිස්ත්‍රික් ප්‍රවාහන පරීක්ෂක ප්‍රවාහන/වාණිජ තනතුරේ බඳවා ගැනීම් සිදු කිරීම ප්‍රමාදවීම, නියාමක විශේෂ පංතියේ උසස්වීම් ලබාදීම ප්‍රමාදවීම, නියාමක විශේෂ පංතියේ වැටුප් ගැටලුව…

සරණක් අවැසි වැඩිහිටියන් පිළිබඳ තොරතුරු ලබාදීමට WhatsApp අංකයක් හඳුන්වාදෙයි

‘ලෝක වැඩිහිටි අපයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ දිනය’ට සමගාමීව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය මගින් වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් ‘සරණ’ නමින් උපකාරක සේවාවක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව දරුවන් විසින් නොසලකා හරින,…

කසළ තේ කිලෝ 4,200ක් ප්‍රවාහනය කළ සැකකරුවෙක් දවුලගලදී අත්අඩංගුවට

කසළ තේ කිලෝ 4,294ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ ගම්පොළ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත දවුලගල, දෙල්ලංග ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි…

ජූලි 01 සිට වාහන ධාවනයේ දී ආරක්ෂක යෝජනා ක්‍රම 85ක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා – බිමල් රත්නායක

ජූලි 01 වැනිදා සිට වාහන ධාවනයේ දී අනුගමනය කළ යුතු ආරක්ෂක යෝජනා ක්‍රම 85ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. ඒ අනුව බස් රථවල ගමන් කරන මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර ලබාදීම අනිවාර්යය කරන බවත් ලංගම සහ පෞද්ගලික…

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාවෙන් පිටව යයි

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අද (17) උදෑසන පාර්ලිමේන්තු සභාගර්භයෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව කතානායකවරයා විසින් විපක්ෂ මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා නොදීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ. අද උදෑසන පාර්ලිමේන්තුව ඇමතූ ෂානක්කියන්…

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙකු අල්ලස් කොමිසම (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  ඒ තුන්වන පාර්ශවයක් හරහා අධික මිලට ඖෂධ අලෙවි කළ බවට එල්ල වී ඇති චෝදනා මතයි. ඔවුන් අල්ලස් කොමිසම වෙත ගෙනැවිත් ප්‍රශ්න කරන බවයි වාර්තා…

කාසියේ වාසිය බංගලාදේශයට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (17) ආරම්භ වෙයි. එම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා සමත් වූ අතර ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. අද ආරම්භ වන…

පළාත් පාලන ඡන්දයෙන් තේරීපත් වූ ඇතැම් සභිකයන්ගේ නම් තවමත් භාරදී නැහැ – මැතිවරණ කොමිසම

පළාත් පාලන ඡන්දයෙන් තේරීපත් වූ මුළු සභිකයින් 8795 දෙනාගෙන් තවත් 223 දෙනෙකුගේ නම් ගැසට් කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එහිදී තේරීපත් වූ ඇතැම් සභිකයන්ගේ නම් තවමත් ඒ ඒ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් මැතිවරණ කොමිසම වෙත මෙතෙක් ලබා…