Month June 2025

මැදපෙරදිග වෙත පියාසර කළ ගුවන් යානා 5 ක් වෙනත් ගුවන් තොටුපොළ වෙත යොමු කරයි

මැදපෙරදිග වෙත පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් ​සමාගමට අයත් යානා 05 ක් වෙනත් ගුවන්තොටුපොළවල් වෙත හරවා යවා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා. ඒ අනුව මස්කට් ගුවන්තොටුපොළ සහ ඩුබායි ගුවන්තොටුපොළ වෙත ගුවන්යානා දෙක බැගින් හතරක් හරවා යවා ඇති අතර…

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : කටාර්වල පිපිරීම්

කටාර් සහ ඉරාකයේ ඇමරිකානු හමුදා කඳවුරු වෙත ඉරානයෙන් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව කටාර්හි අල්-උදෙයිද් ප්‍රදේශයේ එක්සත් ජනපදය විසින් පවත්වාගෙන යන කඳවුරකට ප්‍රහාර එල්ල කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) නිල වශයෙන්…

කඩවත නගරයේ වෙළඳසැලක ගින්නක්

කඩවත නගරයේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා. මේ වනවිට එ​ම ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් ඇති බවයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඉරාන විදේශ ඇමති රුසියානු ජනපති හමුවෙයි

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර හමුවක් අද සිදුව ඇති බව වාර්තා වේ. මෙහිදී රුසියානු ජනාධිපති පුටින් ඉරාන විදේශ අමාත්‍යවරයාට පවසා ඇත්තේ ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් සිදුකර ඇති ප්‍රහාරය තමන් හෙළා දකින බවයි. එක්සත් ජනපද සතුරුකම්…

කොස්ගම, රබර් වත්තක කාන්තා ඝාතනයක්

කාන්තාවක් ගෙල කපා ඝාතනය කර තිබෙන බව කොස්ගම පොලිසිය පවසනවා.  ඇයගේ සිරුර කොස්ගම පොලිසිය විසින් අද (23) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා.  මෙම ඝාතනය කොස්ගම, ඉහළ කොස්ගම, පුස්සැල්ලෑව රබර් කර්මාන්තශාලාව අසල දී සිදුව තිබෙන බවයි පොලිසිය පැවසුවේ.  ඝාතනයට ලක්ව ඇත්තේ 49 හැවිරිදි…

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස හර්ෂණ සූරියප්පෙරුම පත්වෙයි

මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ආචාර්‍ය හර්ෂණ සූරියප්පෙරුම පත් වූ අතර ඔහු එම ධුරයේ වැඩ භාරගෙන තිබෙනවා.  මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්‍ය හර්ෂණ සූරියප්පෙරුම පසුගියදා එම ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා. මීටපෙර මුදල් අමාත්‍යාංශ…

බීමතින් රිය පදවා මවක සහ දියණියක අනතුරට පත්කර සැඟව සිටි පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

මත්පැන් පානය කර මෝටර් රථයක් පදවා යතුරු පැදියකින් ගමන් කළ මවක් සහ දියණියක් අනතුරට ලක් කර තුවාල සිදු කර පලා ගොස් සැඟව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව හිදෝගම පොලිසිය පවසයි. මෙලෙස  අත්අඩංගුවට පත්ව ඇත්තේ ගුවන්තොටුපළ පොලිසියේ රාජකාරි සිදු කරන…

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඇප මත මුදා හැරීමට නියෝග

අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය අද (23) නියෝග කර තිබෙනවා. ඒ අනුව, නඩුව අද (23) කැඳවූ අවස්ථාවේදී ඔහු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, ඔහුට විදෙස් ගමන් තහනමක් පැනවීමටත් නියෝග…

ජොන්ස්ටන්ට ‍එරෙහි නඩුවක් ජුලි 30 කැඳවීමට නියෝග

හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් ජුලි 30 වැනිදා දක්වා කල් තබා තිබෙනවා. මහින්ද රාජපක්ෂගේ පාලන සමයේදී වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින්, ස.තො.ස. ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරීවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල…

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසමට පැමිණෙයි

ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. ඒ අනුව විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස අල්ලස් කොමිසම වෙත කැඳවා ඇති බවයි සඳහන් වෙන්නේ.