Month May 2025

යුද ජයග්‍රහණයට වසර 16 ක් සපිරෙයි

තිස්වසරක් පුරාවට ශ්‍රී ලාංකිකයන් අසීමිතව පීඩාවට පත් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානය පැතිරවූ අමානුෂික භීතිය මැඬලමින් රටම වෙළාගත් ත්‍රස්තවාදය පරදා අද ට (18) වසර 18ක් සපිරේ. 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ශ්‍රී ලංකා හමුදා අතින්…

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ CCDයට භාරදෙයි

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව ඉලක්ක කර ගනිමින් නාරහේන්පිට ප්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී තිබෙනවා. ඒ අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත අදාළ විමර්ශන කටයුතු කොළඹ අපරාධ…

දුම්රිය ස්ථානාධිපති වැඩවර්ජනය අවසන්

දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ සංකේත වර්ජන ක්‍රියාමාර්ගය ඊයේ (17) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ බව එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පවසනවා. ඒ අනුව ගැටලුවලට බලධාරීන්ගෙන් තවදුරටත් විසඳුම් නොලැබෙන්නේ නම් ලබන සතියේ යළි රැස්වී අඛණ්ඩ වර්ජනයකට එලඹීම…

අද කාලගුණ නිවේදනය

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති අතර බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ මිලිමීටර…

පැපොල රෝගයට ලබා දෙන ඖෂධවල හිඟයක් නැහැ

පැපොල රෝගයේ අසීමිත ලෙස පැතිරයාමක් මේ දිනවල දක්නට නොලැබෙන බවත්, පැපොල රෝගය වැළඳුනු රෝගීන්ට ලබා දෙන ඖෂධවල කිසිදු හිගයක් රජයේ රෝහල්වල නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරණු…

16 වැනි ජාතික රණවිරු අනුස්මරණ උත්සවය මැයි 19වැනිදා

16 වැනි ජාතික රණවිරු අනුස්මරණ උත්සවය 2025 මැයි 19 වැනි දින සවස 4 සිට 6 දක්වා කෝට්ටේ, ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ජාතික රණවිරු ස්මාරකයේදී පැවැත්වෙන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. මෙම උත්සවය සඳහා වන සූදානම පැහැදිලි කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඊයේ…

විදුලි ගාස්තු 18.3%කින් ඉහළ දැමීමට යෝජනා කෙරේ

විදුලි ගාස්තු 18.3% කින් වැඩි කිරීමට අදාළ යෝජනා ඇතුළත් උපදේශන පත්‍රිකාව ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කර තිබෙනවා. ජුනි මස පළමු වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩි කිරීම සිදු කරන ලෙසයි ලංකා විදුලි බල…

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාවට සිසුන් ඇතුළත් කර ගැනීමට අයැදුම්පත් කැඳවයි

උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයැදුම්පත් කැඳවීම ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා, ඇතුළත්වීමට අපේක්ෂිත පාසලේ විදුහල්පතිට අයැදුම්පතක් යොමු කළ යුතු බවයි සඳහන් වන්නේ. මේ වසරේ සිට වෘත්තීය විෂය ධාරාව පාසල් 608 ක…

වාහන අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

නව මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේදී අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා. අංක තහඩු වල හිඟතාවයක් හේතුවෙන් පසුගිය අප්‍රේල් 28 වැනිදා සිට එය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. නව මෝටර් රථයක්…

පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් පිරිසක් මුදාහරී

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සඳහා ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන ඇප ලබා සිටි සැකකරුවන් දසදෙනකු සහ සැකකාරියන් දෙදෙනෙකු මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (16) නියෝග කළේය. නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් අනුව මෙම පැමිණිල්ල අවසන් කිරීමට කටයුතු කරන බවයි පොලීසිය…