Month May 2025

කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය අයි.එම්. කරුණාතිලක මහතා පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (23) ජනාධිපති කාර්යාලයේදී මහාචාර්ය අයි.එම්. කරුණාතිලක මහතා වෙත භාර…

තංගල්ලේ මාරක රිය අනතුරක් – එක් අයෙක් මරුට

කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී මඩකලපුවේ සිට ගාල්ල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගයේ ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත. අද (24) අලුයම 2.45ට පමණ සිදුව ඇති මෙම අනතුරෙන් බස් රථයේ ගමන්කල මගීන්…

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (24) අලුයම නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…

විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත බලාත්මක කෙරේ

විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (23) සිය සහතිකය සටහන් කළේය. විදේශ ණය (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට අදාළව අද පැවති දෙවැනි වර කියවීමේ විවාදයෙන් අනතුරුව, කාරක සභා අවස්ථාවේදී පනත් කෙටුම්පත සලකා බලන ලදී.…

බදුල්ලේ ගැටුම පාලනයට මැදිහත් වූ පුද්ගලයා සහ පොලිස් නිලධාරියා ඇගයීමට ලක් කෙරේ

පසුගියදා බදුල්ල නග‍රයේදී ඇතිවූ ගැටුමක් පාලනය කිරීමට මැදිහත් වූ පොලිස් නිලධාරියා හා සිවිල් පුද්ගලයාව ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර සහ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් ඇගයීමට ලක්කර තිබෙනවා. බදුල්ල නගරයේදී පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදෙමින් සිටියදී එය නැවැත්වීම සඳහා…

බැසිල් පුටුවකින් වැටී මාස 06ක් ගුවන් ගමන්වල නොයෙදෙන ලෙස වෛද්‍යවරු කියා ඇති බව නීතීඥවරයා අධිකරණයට දැනුම්දෙයි

අමෙරිකාවේ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ලබන නොවැම්බර් 21 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අද (23) නියෝග කර තිබෙනවා. ඒ අනුව නීති විරෝධී ලෙස ඉපැයූ රුපියල් ලක්ෂ 500ක් යොදවා මිලදී ගත් මාතර ප්‍රදේශයේ…

අද කාලගුණ නිවේදනය

අද (24) බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත්, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන…

මාලනී ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුදාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24)  අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියා. මියයන විට මාලනී ෆොන්සේකා මහත්මිය 78 වන වියේ පසු වුණා.

අම්පිටියේ සුමනරතන හිමියන් අත්අඩංගුවට

මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අම්පාර උහන පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල්කරගනිමිනි. උහන පොලීසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමේදී ඔහු සමග සිටි දරුවන් දෙදෙනා අනාරක්ෂිත අයුරින් ත්‍රිරෝද රථයක රැගෙන යාමට විරෝධය පළකර…

කතරගම ඇසළ මංගල්‍යය ලබන 26 වනදා සිට ආරම්භ වෙයි

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2025 ඇසළ මංගල්‍යය ලබන 26 වැනි දින ආරම්භ වෙයි. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මුලික රැස්වීම ඊයේ (22) දින කතරගම කිරිවෙහෙර රාජමහා විහරස්ථානයේදී පැවැත්විණි. එහිදී බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කළේ ලබන ජුනි 26 වැනි…