Month April 2025

අගමැති මෝදි ජනාධිපති කාර්යාලයට එයි

දිවයිනට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයට පැමිණියේය. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයාව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ‘සියවස් මිතුදමක සෞභාග්‍යමත් අනාගතයකට බැඳීමක්’…

ඖෂධ හා ශල්‍ය උපකරණ මිලට ගැනීමට බිලියන 200ක්-සැපයුම්කරුවන්ට ප්‍රමාදයකින් තොරව ගෙවීම් කිරීමට සෞඛ්‍ය ඇමැතිගෙන් පියවර

ඉදිරි මාස 08 සඳහා අවශ්‍ය ඖෂධ සහ ශල්‍ය උපකරණ මිල දී ගැනීමට රුපියල් බිලියන 200ක මුදලක් රජයෙන් වෙන් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. භාණ්ඩාගාරයෙන් නියමිත පරිදි නිසි අයුරින් මුදල් වෙන් කර තිබියදී ඖෂධ සහ…

ස්වාධීන කණ්ඩායම්-දේශපාලන පක්ෂ ගොනු කළ පෙත්සම් ගැන නියෝගය ප්‍රකාශ කිරීම අද

එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට ස්වාධීන කණ්ඩායම් සහ පිළිගත් දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් කාණ්ඩ තුනක් සම්බන්ධයෙන් වන නියෝගය අද (04) දින ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (03) තීරණය කළේය. ඒ…

මැතිවරණ පැමිණිලි 456ක්

මැයි මස 06දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන මැතිවරණය සම්බන්ධයෙන් පසුගිය 20දා සිට 02 වැනිදා දක්වා මැතිවරණ පැමිණිලි 456ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. එම පැමිණිලි 456 අතර ප්‍රචණ්ඩ ක්‍රියා 04ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 423ක් සහ වෙනත් 29ක් වේ.…

රෝහල්ගත කරන්න තරම් ලෙඩක් දුමින්ද සිල්වාට නෑ-18කගෙන් සමන්විත විශේෂඥ වෛද්‍ය කමිටුව නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දන්වයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර රෝහල් ගත කර නේවාසික ප්‍රතිකාර ලබාදීමට තරම් රෝගී තත්ත්වයකින් පසු නොවන බවට සාමාජිකයන් 18 දෙනකුගෙන් සමන්විත විශේෂඥ…

ඔබේ සෙවනැල්ල 07වැනිදා අතුරුදන් වෙයි

කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල වාසය කරන ජනතාවගේ සෙවනැල්ල ලබන 07වැනිදා දහවල් 12.12 ට මොහොතකට අතුරුදහන් වී යන බව තාරකා විද්‍යාඥ අනුර සී.පෙරේරා මහතා පැවසීය. සූර්යයා සෑම වසරකම දෙවරක් ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන් වන බවත්, ඒ අනුව කොළඹ සහ ඒ…

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 07ක මිල අඩු කරයි

එළඹෙන සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සව සමය අරමුණු කර ගනිමින් අත්‍යවශ්‍ය භාණ්ඩ 07ක මිල පහළ දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කරයි. ඒ අනුව, ලොකු ලූනු, ටින් මාලු, දුඹුරු සීනි, රතු පරිප්පු, නාඩු සහල්, පාන් පිටි සහ රතු කැකුළු සහල් යන…

අලුත් සහල් මංගල්‍යය අද ජනපති ප්‍රධානත්වයෙන්

58 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී අද (04) පෙරවරුවේ පැවැත්වේ. මීට සමගාමීව කිරි ඉතිරවීමේ හා කිරි ආහාර පූජා කිරීමේ මංගල්‍යය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ සතර වාහල්කඩ…

ශිෂ්‍යත්වය අගෝස්තු 10

පහ ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන ශිෂ්‍යත්වය විභාගය අගෝස්තු මස 10 වැනිදා පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස්වරයා පවසා ඇත්තේ ඒ සඳහා අද (04) දින සිට 2025 අප්‍රේල් මස 30 වැනි දින දක්වා…

නාමල්ගේ නීතිඥ පට්ටම වංචනිකද?-නීති විද්‍යාල විභාග ලේඛන බලන්න CIDයට උසාවියෙන් නියෝග

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය නීතිඥභාවය වංචනික ලෙස ලබාගෙන තිබේද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා වහාම අධිකරණයට කරුණු දක්වන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (3) නියෝග කළාය. නාමල් රාජපක්ෂ මහතා නීතිඥභාවය ලබාගැනීම සම්බන්ධයෙන්…