Month April 2025

වතු ආශ්‍රිත පාසල්වලට පහසුකම් දීම අගයනවා-ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා

මලයාලම් ප්‍රජාවට නිවාස ලබාදීමේ ඉන්දියානු නිවාස යෝජනාවලිය සහ වතු ආශ්‍රිත පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී රජයේ කාර්යක්ෂතාව සිය සතුටට කරුණක් බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා කියා සිටියේය. වත්මන් රජය, ජනතා රජයක් ලෙස ප්‍රචලිත…

කෝසලගේ පුටුවට සමන්ත රණසිංහ

අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ මහතාව නම් කළ බව මැතිවරණ කොමිසම පවසයි. සමන්ත රණසිංහ මහතා 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගය රඹුක්කන ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කළේය.…

ගාල්ලේ හෝටල්-කඩ පදික වෙළෙඳසල් පරීක්ෂාවට

එළඹෙන අලුත් අවුරුදු සමයේ පාරිභෝගිකයන් වෙතට අලෙවි කරන පාරිභෝජන භාණ්ඩවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කරලීම හා ආහාරවලට නුසුදුසු භාණ්ඩ අලෙවිය නතර කරලීම සඳහා ගාල්ල මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙහි මහජන සෞඛ්‍ය පරීක්ෂක පිරිස් විසින් ගාල්ල නගරයේ හෝටල්, කඩ හා…

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඇමැති ආනන්ද විජේපාල අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමටා (Akio Isomata) මහතා හා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අතර සාකච්ඡාවක් ඊයේ (08) මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ දී සිදු විය. දෙරට අතර සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ…

ජනපති සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභදායී ආයතනයක් බවට පත්කිරීමට ගතහැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවකදී ඔවුන්ට උපදෙස් දුන්නේය. මේ හමුව පෙරේදා (08) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම වඩා ලාභදායී…

අමාත්‍ය මණ්ඩල තීරණ

2025 අප්‍රේල් 07 දින රැස් වූ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහත්වරුන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (08)…

විදෙස් සංචිත ඩොලර් බිලියන 6.5 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 6.51 දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි. මාර්තු මාසයේ අවසානය වන විට එම අගය වාර්තා කර තිබෙන අතර එය මේ වසරේ පෙබරවාරි මාසයේ අවසානය වන විට…

පුංචි ඡන්දය උසාවි නියෝග අනුව-වාරණය නොකළ සභාවල ඡන්දය මැයි 6දා

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන කිහිපයක පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය මඟින් පෙරේදා (07) නිකුත් කළ අතුරු තහනම් නියෝගය ප්‍රකාරව කටයුතු කරන බව මැතිවරණ කොමිසම පවසයි. අධිකරණය මඟින් වාරණය නොකළ අනෙකුත් ආයතනවල…

රාජ්‍ය සේවයේ වැටුප් ගැන නවතම චක්‍ර ලේඛයක්

2025 අයවැය යෝජනා අනුව රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීමට අදාළව නිකුත් කරන ලද 2025.03.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය සම්බන්ධයෙන් නවතම චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. ඒ පිළිබඳ වැඩි විස්තර පහතින් දැක්වේ,

ට්‍රම්ප්ගේ තීරුබද්ද ගැන කතා කරන්න ජනපති පක්ෂ නායකයින් කැඳවයි

ඇමරිකාවේ තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පක්ෂ නායකයන් අතර විශේෂ හමුවක් හෙට (10) පෙරවරුවේ පැවැත්වීමට නියමිතය. අදාල තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් අවශ්‍ය යැයි ලැබුණු ඉල්ලීම් සලකා බලා මෙම…