Month April 2025

බස් රථයක් කැබ් රථයක සහ ලොරි රථයක ගැටීමෙන් සිදුවූ මාරක අනතුර

කන්තලේ ත්‍රිකුණාමලය මාර්ගයේ 85 කණුව ප්‍රදේශයේ දී බස් රථයක්, ලොරි රථයක් සහ කැබ් රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුර හේතුවෙන් බස් රථයේ රියදුරු මියගොස් ඇති බව සඳහන්. තවත් 20 දෙනෙකු තුවාල ලබා කන්තලේ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙවර ගිනිකෙළි අනතුරුවල සීඝ්‍ර අඩුවීමක්

මේ වන විටත් කොළඹ ජාතික අක්ෂි රෝහල වෙත රතිඤ්ඤා හෝ ගිනිකෙළි හේතුවෙන් අනතුරට පත් කිසිවෙකු වාර්තා වී නොමැති බව ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. මෙම සාධනීය තත්ත්වය උදා කර ගැනීමට මහජනතාව ගේ සෞඛ්‍ය සාක්ෂරතාව ඉහළ…

සූර්ය පැනල භාවිතය තාවකාලිකව අක්‍රීය කරන ලෙස කළ ඉල්ලීම නැවත සලකා බලන්න -ලංවිම ඉල්ලීමක් කරයි

වහලය මත සවි කර ඇති සූර්ය බලශක්ති පද්ධතිය තාවකාලිකව අක්‍රීය කරන ලෙස කළ ඉල්ලීම, නැවත අවධාරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව ලබන 21වනදා දක්වා සෑම දිනකම පෙරවරු 09සිට පස්වරු 03 දක්වා සූර්ය පැනල පද්ධතිය අක්‍රීය කරන ලෙසයි…

අධිවේගී මාර්ගයන්හි වාර්තා ගත ආදායමක්

අප්‍රේල් මස 11, 12 සහ 13 යන තෙදින තුළ අධිවේගී මාර්ගයන්හි වාර්තා ගත ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ අනුව සියලු අධිවේගී මාර්ග තුළ වාහන 287,586ක් ධාවනය කර ඇති බව සඳහන්. මේ හේතුවෙන් ලද ආදායම 134,498,800ක් බවයි අධිවේගී මාර්ග මෙහෙයුම්…

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත වෙයි

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ජ්‍යේෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ටේගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 72 වන වියේ පසුවූ බව සඳහන්.

දුක කඳුළ වේදනාව වෙනුවට සතුට සම්පත රජ කරවන අවුරුද්දක් වෙනුවෙන් පෙළගැසෙන්න -විපක්ෂ නායක සජිත්-

දුක කඳුළ වේදනාව වෙනුවට සතුට සම්පත රජ කරවන නව වසරක් වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නව අවුරුදු සුබ පැතුම මඟින් පෙන්වාදී තිබෙනවා. තවද විපක්ෂ නායකවරයා සඳහන් කර සිටින්නේ මේ අලුත් අවුරුද්දේ සුපුරුදු අභියෝග සේම නුපුරුදු අලුත්…

අග්‍රාමාත්‍යවරියගේ නව අවුරුදු සුබ පැතුම

2025 සිංහල සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අලුත් අවුරුදු පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. අපගේ ජීවිතයේ සෑම අංශයක්ම අලුත් කිරීම අත්‍යවශ්‍ය වන මොහොතක මෙවර අලුත් අවුරුද්ද උදා වු බවයි අග්‍රාමාත්‍යවරිය එමඟින් සඳහන් කර ඇත්තේ. එම පණිවිඩය…

සවස් කාලයේදී වැසි තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර, පුත්තලම සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීද වැසි ඇති විය හැකියි. මධ්‍යම,…

“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” කරා යන ගමනේ බලාපොරොත්තු දැල්වෙන සුබ අලුත් අවුරුද්දක් වේවා

භෞතිකව හා ආධ්‍යාත්මිකව අලුත් වීමේ අපේක්ෂාව සංකේතවත් කරන, සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අප මෙවර සමරන්නේ රටක් ලෙස ජයග්‍රහණ රැසක් අත් පත් කර ගනිමින් හා යහපත් හා අලුත් දේශයක් නිර්මාණය කර ගැනීමේ සිහිනය වෙනුවෙන් අනවරත වැඩ අරගලයක යෙදෙමින් සිටින අවස්ථාවකය.…

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි

2025 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) පූර්වභාග 03.21ට යෙදී තිබූ සුබ මොහොතින් උදා විය. සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වන අවසථාව සිංහල අලුත් අවුරුදු උදාව ලෙස සැලකෙයි අලුත් අවුරුද්දේදි අවුරුදු කුමාරයා ලෙස හඳුන්වන්නේ සූර්ය දෙවිදුන්වයි. අලුත්…