Month April 2025

වැට් බද්දෙන් නිදහස් වූ භාණ්ඩ ගැන නිවේදනයක්

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දේශීයව නිපදවන දියර කිරි සහ යෝගට් වැට් බදුවලින් නිදහස් කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අප්‍රේල් මස 11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දියර…

අවුරුදු සමයේ බස් රථ ගැන මගී පැමිණිලි 187ක්

අලුත් අවුරුදු සමයේ ක්‍රියාත්මක වු බස් රථ සේවා සම්බන්ධයෙන් මගීන්ගෙන් පැමිණිලි 187ක් ලැබී ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. අනුමත බස් ගාස්තු අය නොකිරීම සම්බන්ධයෙන් පැමිණිලි 63ක් ඒ අතර වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නයෝමි ජයවර්ධන…

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දැනෙන උණුසුමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (17) දිනයේ දී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර පළාත්වලත්, රත්නපුර, මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන…

කොළඹ ඇතුළු සභා 18ක තැපැල් ඡන්දය කල් යයි

කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන 18ක තැපැල් ඡන්ද විමසීම ප්‍රමාද වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එම පළාත් පාලන ආයතනවල ඡන්ද විමසීම එළැඹෙන 6 වැනිදා පැවැත්වීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය හමුවේ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ප්‍රමාද…

සූර්ය පැනල අක්‍රිය කිරීම දැනුම් දෙන්න SMS පණිවිඩයක්

වහල මත සවි කර ඇති සූර්ය පැනල මින් ඉදිරියට විසන්ධි කළ යුත්තේ ඒ සම්බන්ධයෙන් එස්.එම්.එස්. පණිවිඩයක් මඟින් දැනුම්වත් කිරීම් කරන අවස්ථාවලදී පමණක් බව සූර්ය පැනල හිමිකරුවන්ට ලංකා විදුලිබල මණ්ඩලය දැනුම් දී තිබේ. ඊයේ (16) සිට මෙය ක්‍රියාත්මක අතර එස්.එම්.එස් පණිවිඩයක්…

CIDය රනිල්ගෙන් ප්‍රශ්න කරන්නයයි-පිල්ලෙයාන් ගැන විශේෂ ළැදියාව කුමක්ද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධානයන්ට අනුව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන පවත්වන එල්.ටී.ටී.ඊ.යේ හිටපු ප්‍රධානියකු මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමඟ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දුරකතනයෙන් කතා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් අපරාධ…

සිරි දළදා වන්දනාවට එන බැතිමතුන්ට විශේෂ දැනුවත් කිරීමක්

වසර 16කට පසු ශ්‍රී දළදා වහන්සේ දැක වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව එළඹෙන 18 වැනිදා සිට දෙස් විදෙස් ජනතාවට හිමිවෙයි. දළදා වන්දනාව හෙට (18) දිනයේ දී පස්වරු 3.00 ට ආරම්භකර  පස්වරු 5.30 ට අවසන් කරන බවත් අනතුරුව 19 වැනිදා සිට…

ඡන්ද විමසීම සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 168ක්

 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි 168ක් ලැබී ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අපරාධමය පැමිණිලි 36ක් සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිලි 132ක් ඒ අතර වන බවයි. අදාළ පැමිණිලි සම්බන්ධයෙන් පුද්ගලයින් 79…

මහනුවර නගරයේ පාසල් රැසකට දින 05ක නිවාඩුවක්

මහනුවර නගරයේ සහ අවට ප්‍රදේශවල පාසල් 49 ක් වසා තබන බව මධ්‍යම පළාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දන්වා තිබෙයි ඒ සිරි දළදා වන්දනාව හේතුවෙන් මෙලෙස පාසල් නිවාඩු දී ඇත ඒ අනුව එළඹෙන අප්‍රේල් 21වනදා සිට 25වනදා දක්වා කාලය තුළ මෙලෙස පාසල්…

මෙවර අලුත් අවුරුද්දේ රිය අනතුරුවල වැඩිවීමක් ඇතිදැයි සොයා බැලීමක්

මේ දින කිහිපයේ දී පසුගිය අලුත් අවුරුදුවල අදාළ කාලයට සාපේක්ෂව රට තුළ සිදුවන රිය අනතුරු වල කැපී පෙනෙන වැඩි වීමක් ඇතිදැයි සොයා බලන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවනරෝග ඒකකයේ අනතුරු නිවාරණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි. කොළඹ හා…