Month April 2025

දෙව්මි-පියුමි ජාතික සංචිතයට -මල්කිත් එක්දින වරම් අබියස

ලබන ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා වන සත්කාරක ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩිකාවන් 6දෙනකු එක් කිරීමට කටයුතු කර තිබේ. චමරි අතපත්තුගේ නායකත්වයෙන් නම් කරන ලද 17 දෙනකුගෙන් සමන්විත මේ සංචිතයට එක්වූ ක්‍රීඩිකාවන්ගෙන්…

වන්දනාවට අද-හෙට එන්න එපා-දිනක පෝලිම ලක්ෂ 4 පනී

දැනට සිටින අයට ස්ටිකරයක් අතිරේක හමුදා භට කණ්ඩායම් කැඳවයි – පොලීසිය කියයි සිරි දළදා වහන්සේ වන්දනා කිරීමේ අරමුණික් ලක්ෂ 04කට අධික බැතිමතුන් පිරිසක් පෝලිම්වල ඊයේ (23) සවස් වන විට ඒකරාශී වී සිටින බැවින් අද (24) සහ හෙට (25) සිරි දළදා වන්දනාව…

පාප් වහන්සේගේ දේහය සාන්ත පීතර බැසිලිකාවට

මහජන ගෞරවය සඳහා ඊයේ උදෑසන වතිකානයේ සාන්ත පීතර බැසිලිකාවට රැගෙන එනු ලැබූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට වතිකාන කාදිනල්වරුන්ගේ මණ්ඩලය අවසන් ගෞරව පුද කළ අයුරු.

ශ්‍රී ලංකා-අමෙරිකා සාකච්ඡා සාර්ථකයි-දෙපාර්ශ්ව‍යෙන් ඒකාබද්ධ ප්‍රකාශයක්- ජනපති කියයි

අමෙරිකා එක්සත් ජනපදය පැනවූ තීරු බදු හේතුවෙන් ඇතිවූ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට එරටට ගොස් සිටින මෙරට නියෝජිතයන් හා අමෙරිකානු නියෝජිතයන් අතර පැවැත්වූ සාකච්ඡා ඉතා ප්‍රතිඵලදායක බව තමාට මෙරට නියෝජිත පිරිස දන්වා ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඉදිරියේදී…

සිරි දළදා වන්දනාව වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය අත්හිටුවයි

සිරි දළදා වන්දනාව’ වෙනුවෙන් කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ක්‍රියාත්මක කර තිබූ විශේෂ දුම්රිය අද (24) සිට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර ඇත. පොලීසියේ ඉල්ලීම පරිදි මෙම තීරණය ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය. මේ වන විටත් අධික ජනතාවක්…

2025දී ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය වේවි-ලෝක බැංකුව පවසයි

ශ්‍රී ලාංකික අපට තනිව පාලනය කළ නොහැකි ලෝකයේ බලවත් රටවල බදු පැනවීම් ඇතුළු අනෙකුත් අභියෝග රාශියක් මැද පවා 2025දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3.5 (තුනයි දශම පහක) මධ්‍යස්ථ අගයකින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව සඳහන් කරයි. වසර 2024දී ශ්‍රී ලංකාවේ…

තැපැල් ඡන්දය අද සහ හෙට-තැපැල් ඡන්ද හිමියන්ට ‘e’ සේවාවක්

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අද (24) හෙට (25), 28 සහ 29 යන දින වෙන් කර තිබේ. තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන…

දේශබන්දුට එරෙහි චෝදනා විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා සිය ධුරයේ බලය අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව පළමු වරට පාර්ලිමේන්තුවේදී ඊයේ (23) රැස්විය. එම කමිටුව පළමුවරට පාර්ලිමේන්තුවේදී රැස්වී මූලික සාකච්ඡා සිදු කර තිබෙන අතර එම කමිටුව…

ජනතාව අපේක්ෂා කරන රට ඒ අයුරින්ම ගොඩනඟනවා-‘ජය නියතයි – ගම අපිටයි’ ගම්පහ ජන රැලියට එක්වෙමින් ජනපති කියයි

රටේ තිබූ මජර දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම වෙනස් කළා – විදේශ කටයුතු ඇමැති විජිත හේරත් රට ගොඩනඟන්න නම් පළමුවෙන්ම රටේ ආර්ථික ස්ථාවරභාවය ඇති කළ යුතුයි එක්සත් ජනපද බදු ගැටලුව රටට හිතකර අයුරින් විසඳා ගන්න උත්සාහ කරනවා අප ලැබූ ජන වරමේ අපේක්ෂා සහ…

පාප් වහන්සේට මෙත් සිතින් සෙත් පතන්න-කාදිනල් මැල්කම් රංජිත් හිමි ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලති

ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් මෙත් සිතින් සෙත් පැතීම් සිදු කරන ලෙසට, අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිති. ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වෙනුවෙන් ශෝක ප්‍රකාශයක් නිකුත් කරමින් අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම්…