Month February 2025

ඇලස්කාවේ අතුරුදන් ගුවන්යානය හමුවෙයි

එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකාය විසින් පසුගිය බ්‍රහස්පතින්දා ඇලස්කාවේදී අතුරුදහන් වූ කුඩා මගී ගුවන්යානයේ සුන්බුන් සොයාගෙන තිබේ. එම යානයේ සිටි පුද්ගලයන් තිදෙනෙක් මියගොස් ඇති බවත් තවත් මළ සිරුරු 07ක් ගුවන්යානය තුළ ඇති බවට විශ්වාස කරන බවත් වෙරළාරක්ෂක බලකාය සදහන් කර ඇතැයි…

ට්‍රම්ප් පරිපාලනය ජෛව වෛද්‍ය පර්යේෂණ වියදම් කපා හරියි

ජෛව වෛද්‍ය පර්යේෂණ සඳහා වන ප්‍රදාන වලින් ඩොලර් බිලියන ගණනකට වැඩි ප්‍රමාණයක් වියදම් කපා හරින බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය නිවේදනය කර ඇත. පුළුල් පිරිවැය ඉතිරි කිරීමේ පියවරවල කොටසක් ලෙස මෙම වියදම් කපා හැරීම සිදු කෙරෙන බව සදහන් ය.…

දිල්ලි ප්‍රාන්ත මැතිවරණයේ ජය භාරතීය ජනතා පක්ෂයට

ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්ත මැතිවරණය වසර 27කට පසුව ජය ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට ‍මෙවර හැකියාව ලැබී ඇත. භාරතීය ජනතා පක්ෂයට සමස්ත ආසන 70න් ආසන 47ක් හිමිව ඇති අතර, වසර 10ක් පුරා එම ප්‍රාන්තයේ පාලනය හිමිව තිබූ…

DeepSeek AI යෙදුම භාවිතය තහනම් කිරීමේ අවදානම පිළිබඳ චීනයේ ප්‍රතිචාරය

චීනයේ DeepSeek AI යෙදුම භාවිතය ඇමරිකාව, ජපානය, දකුණු කොරියාව, ඉතාලිය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඇතුළු රටවල තහනම් කිරීමේ අවදානමක් සම්බන්ධයෙන් පළ වී ඇති පුවත් පිළිබඳව චීනය ප්‍රතිචාර දක්වයි. දත්ත පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව චීන රජය ඉතා වැදගත් ‍කොට සලකමින් නීතියට අනුකූලව සහතික…

රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්

රික්ටර් මාපාංක ඒකක 7.6ක භූකම්පනයක් කැරිබියන් දූපත් ප‍්‍රදේශයේ ඇතිව තිබේ. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ එහි කේන්ද්‍රය හොන්ඩුරාස් සිට උතුරට සැතපුම් 20 ක් කේමන් දූපත් වලට නිරිත දෙසින් සැතපුම් 130 පමණ දුරින් පිහිටි බවයි. මේ හේතුවෙන් නිසා රටවල්…

අසලංක එස්එස්සී බලාපොරොත්තු ඉහළ දමයි

නායක චරිත් අසලංකගේ තුන් ඉරියව් දස්කම් හේතුවෙන් මෙවර අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේ සිය පළමු පූර්ණ ජය වාර්තා කිරීමට එස්එස්සී ක්‍රීඩා සමාජය ඊයේ (9) සමත් විය. එස්එස්සී පිටියේදී ටැමිල් යූනියන් පිල ඉනිමකින් සහ ලකුණු 10කින් පරාජය කරමින් සිය පළමු ජය…

දඟ කැවෙන තණතිලිවල ක්‍රීඩා කිරීම ගැන යළි සිතා බැලීමට කාලය උදාවෙලා

ශ්‍රී ලංකාවේදී දඟ පන්දු යවන්නන්ට උචිත තණතීරුවල ක්‍රීඩා කිරීම ගැන නැවත සිතා බැලීමට කාලය උදාවී ඇතැයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පැවසීය. ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලැබූ තරගාවලි පරාජයෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා මේ…

රසාරාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ රසාරා විජේසූරිය වසර 7ක් පැරණි මීටර් 10,000 ධාවන ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තා අලුත් කිරීමට ඊයේ සමත් වූවාය. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය දියගමදී සංවිධානය කළ ජාතික තේරීම් තරගාවලියේදී ඊයේ මීටර් 10,000 ඉසව්වට එක්වූ රසාරා මිනිත්තු 33:39.60කින්…

දිමුත්ගේ විශිෂ්ටත්වයට අයිසීසී සුබ පැතුම්

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 100ක් ක්‍රීඩා කළ දිමුත් කරුණාරත්නගේ විශිෂ්ට ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ සුබ පැතුම් එක් කළේය. සීමිත ඕවර තරග බහුල වූ යුගයක ටෙස්ට් විශේෂඥයකු ලෙස ප්‍රසිද්ධියට පත් වූ 36 හැවිරිදි ඔහු, 2012 දී…

කැන්ගරුවෝ දෙවැනි ටෙස්ට් තරගය කඩුලු 9කින් ජය ගනිති

ඔස්ට්‍රේලියාව වසර 14කට පසු ශ්‍රී ලංකාවේදී ලැබූ තරගමාලා ජයක් ශ්‍රී ලංකා පළමු ඉනිම – 257 (ඕවර 97.4) කුසල් මෙන්ඩිස් නොදැවී 85, දිනේෂ් චන්දිමාල් 74 (මිචෙල් ස්ටාක් 37/3, මැතිව් කූනමන් 63/3, නේදන් ලයන් 96/3) ඔස්ට්‍රේලියා පළමු ඉනිම – 414 (ඕවර 106.4)…