Rafahහි සිටින සිවිල් වැසියන් ඉවත් කරන ලෙසට නියෝගයක්

ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu හමාස් සංවිධානයට එරෙහිව පුළුල් ප්‍රහාරයක් දියත් කිරීමට පෙර දකුණු ගාසා රෆා නගරයේ සිවිල් වැසියන් ඉවත් කිරීමට සූදානම් වන ලෙස හමුදාවට නියෝග කර තිබෙනවා.

ගාසා තීරයේ සෙසු ප්‍රදේශවල ඊශ්‍රායල සටන් මෙහෙයුම්වලින් රැකවරණය පතා මිලියන 1.5ක් පමණ පලස්තීනුවන් Rafahහි සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අමෙරිකාව ඊශ්‍රායලයට අනතුරු අඟවා ඇත්තේ Rafah ආක්‍රමණය ව්‍යසනයක් වන බවයි.

මෙම සැලසුම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයද කනස්සල්ල ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

හමාස් හි ජනගහනය ඉවත් කිරීම සහ බලඇණි විනාශ කිරීම සඳහා ඒකාබද්ධ සැලැස්මක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස Netanyahu හමුදා සහ ආරක්ෂක නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

හමාස් තුරන් කිරීමකින් තොරව සහ හමාස් බලඇණි හතරක් Rafah හි තැබීමෙන් යුද්ධයේ ඉලක්කය සපුරා ගත නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *