අවුරුදු සැමරීමට චීන වැසියන් බිලියන 09ක් සංචාරයේ

මේ වසරේ මකර අවුරුද්ද වෙනුවෙන් චීනයේ බිලියන 9 ක ජනතාවක් සංචාරයේ යෙදෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඇස්තමේන්තු කර ඇති පරිදි මිලියන ගණනක් දුම්රිය සහ ගුවන් යානා වෙන්කරවගෙන් මෙලෙස සංචාරයේ යෙදෙන බව සඳහන්.

පසුගිය මස අගභාගයේ ආරම්භ වූ “chunyun” නොහොත් වසන්ත සමය ආරම්භ වීමත් සමග සංචාර කාලසීමාව පූර්ණ ලෙස ක්‍රියාත්මක වීම නිසා දුම්රිය ස්ථාන, ගුවන් තොටුපළ සහ මහාමාර්ග පසුගිය දිනවල සංචාරකයන්ගෙන් පිරී ගොස් තිබුණා.

මෙම “chunyun” සමයේදී බොහෝමයක් කම්කරුවන් චීනයේ වාණිජ නගරවලින් පිටව ගොස් කුඩා නගර සහ ග්‍රාමීය ප්‍රදේශ හරහා තම ගම්බිම් කරා ආපසු පැමිණ දින අටක රජයේ නිවාඩුවක් තුළ පවුලේ අය සහ මිතුරන් සමග කාලය ගත කරමින් ප්‍රීති වනවා.

චීන විශ්වාසයන්ට අනුව 2024 වසර ඔවුන් හඳුන්වන්නේ මකරාගේ වර්ෂය ලෙසයි.

කොවිඩ් ව්‍යාප්තියත් සමග 2020 සිට රට පුරා මිනිසුන්ගේ සංචාර දැඩි ලෙස සීමා කර තිබුණා.

පසුගිය වසරේ වසන්ත නිවාඩුව සිදු වූයේ එම සංචාර සීමා ඉවත් කර සති කිහිපයකට පසුවයි.

කෙසේ වෙතත් මෙම වසරේදී වාර්තාගත ලෙස වසන්ත නිවාඩුව වෙනුවෙන් සංචාරයේ යෙදෙන පිරිස ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *