චාමික හදිස්යේම පිටියෙන් ඉවත්වෙයි

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වනවිට කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පන්දුවට පහර දෙමින් සිටි චාමික ගුණසේකර මීට ටික වේලාවකට පෙර හදිසියේම පිටියෙන් ඉවත් වීමට තීරණය කළේය.

ඒ, ඔහුගේ හෙල්මටයෙහි පන්දුවක් වැදීම සහ ඒ හේතුවෙන් ඇතිවූ අපහසුතාවයක් නිසා ය. මෙය චාමික ගේ මංගල ටෙස්ට් තරගය විය.

ඒ අනුව චාමික ගුණසේකර වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ව කණ්ඩායම ට කැඳවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවන සටන අද ආරම්භ විය.

ඊයේ (03) දෙවන් දිනය වෙනුවෙන් තරගය නතර කරන විට පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා පිල කඩුළු 6ක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 410කි.

මේ අතර සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සියලු දෙනා දැවී ලකුණු 439ක් ලබා ගත්තේය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 198ක් ලබා ගත්තේය.