Category Sports

වනිඳු සීපීඑල් යයි

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග බටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව තිබේ. සාන්ත කිට්ස් ඇන්ඩ් නෙවිස් පෙට්‍රියට්ස් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති අතර, ඒ අනුව ලද කැඳවීමක් මත වනිඳු මේ තරගාවලියට එක් වෙයි.…

ක්‍රිකට් ක්‍රීඩාවට බුද්ධි කේන්ද්‍රයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩාවට අත්‍යවශ්‍ය සියලු දත්ත ඇතුළත් ‘බුද්ධි කේන්ද්‍රයක්’ විවෘත කරයි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා සංකීර්ණයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට අනුබද්ධිතව මේ නව බුද්ධි කේන්ද්‍රය විවෘත කෙරිණි. ලොව සියලු ක්‍රිකට් කණ්ඩායම්වල හා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ තොරතුරු මේ බුද්ධි…

වසර ගණනාවකට පෙර ක්‍රීඩා අමාත්‍යාංශය යට ගැසූ රග්බි ආයතනයේ වංචා දූෂණ යළි ඉස්මතු වෙයි

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ පසුගිය කාලයේදී සිදුවූ විවිධ වංචනික ක්‍රියා සහ මූල්‍ය අර්බුද සම්බන්ධ තොරතුරු යළි ඉස්මතු වී ඇතැයි ‘දිනමිණ’ට වාර්තා වේ. විවිධ පුද්ගලයන්ගේ මැදිහත්වීම් මත යට ගසනු ලැබූ එම වංචනික ක්‍රියා එවකට සිටි ඇතැම් ක්‍රීඩා අමාත්‍යවරුන් හා ක්‍රීඩා අමාත්‍යාංශයේ…

දසුන් සහ අසලංකගේ ශතක කොළඹට දැවැන්ත ජයක් ගෙනෙයි-පන්දු යවන්නෝ ගාල්ල දිනවති

චරිත් අසලංක පිට පිට රැස් කළ දෙවැනි ශතකය සහ දසුන් ශානකගෙන් තුන් ඉරියව් දස්කම් හේතුවෙන් නැෂනල් සුපර් ලීග් (එන්එස්එල්) එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි දිනය ලෙස ඊයේ පැවති තරගයකින් මහනුවර පිලට එරෙහිව ලකුණු 164ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට කොළඹ කණ්ඩායම සමත්…

ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් ගැටුම 2025 ජූනි 11 සිට ලෝඩ්ස් පිටියේදී

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය 2025 වසරේ ජූනි 11 වැනිදා එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී පැවැත්වීමට නියමිතය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිල වශයෙන් අවසන් තරගයේ දින ප්‍රකාශයට පත් කළ අතර, තෙවැනි වරට පැවැත්වෙන මේ ශූරතාවලිය යටතේ 2023 සිට 2025 තරග පැවැත්වෙයි.…

චමරි සංගක්කාර යන අඩි පාරේ

බටහිර ඉන්දීය දූපත්වල පැවැති කැරිබියන් ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලියේ අවසන් මහා තරගයේදී ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් පිල කඩුලු 4කින් පරදවා බාබඩෝස් රෝයල්ස් පිල ශූරතාව දිනාගත්තේය. මීට පෙර 2022දී කැරිබියන් ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලියේදී ගයානා ඇමසෝන් වොරියර්ස් පිලට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ…

සමිත දුලාන් තැබූ ලෝක වාර්තාව

මෙවර පැරිස් පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා නියෝජනය කළ සමිත දුලාන් රිදී පදක්කමක් සමගින් ලෝක වාර්තාවක් තැබීමට සමත් වුණා. ඒ, F 64 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 67.03ක දක්ෂතාවක් වාර්තා කරමින්. එහිදී රිදී පදක්කමක් දිනාගත් සමිත දුලාන් F…

පැරා ඔලිම්පික් හි ගැබිණි දුණු ශූරිය

මෙවර පැරා ඔලිම්පික් තරඟාවලියේ දී දුනු ශූර ජෝඩී ග්‍රින්හැම් කාන්තා ඒකල තරඟාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත්වී තිබෙනවා. මාස හතක ගැබිණියක් වන ඇය 2016 රියෝ ක්‍රීඩා උළෙලේදී මිශ්‍ර කණ්ඩායම් රිදී පදක්කම දිනාගත් පසු පැරිසියේ ග්‍රින්හැම්ගේ ලෝකඩ පදක්කම ඇයගේ පළමු පැරා…

ෂොරිෆුල් ඉස්ලාම්ට දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ෂොරිෆුල් ඉස්ලාම් හට පාකිස්ථානයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය අහිමි වී තිබෙනවා. ඒ, ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙන්. පසුගිය සතියේ පැවති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ෂොරිෆුල් ඉස්ලාම් මෙලෙස ආබාධයට ලක්වී තිබෙනවා. පාකිස්ථානයට එරෙහිව රාවල්පින්ඩි…

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකාව සහ එංගලන්ත කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි තරගය එංගලන්තයේ ලෝඩ්ස් හිදී පැවැත්වෙනවා