Category Local News

වැලිකඩ බන්ධනාගාර රෝහල පිරීයයි

වැලිකඩ බන්ධනාගාර රෝහලේ ඇඳන් 185කට ආසන්න ප්‍රමාණයක් තිබුණද එහි ප්‍රතිකාර ලබන රැඳවියන් සංඛ්‍යාව 350කට ආසන්න වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. බන්ධනාගාරගත කෙරෙන රැඳවියන් සංඛ්‍යාව ඉහළ යාමද ඊට හේතුවක් බවයි බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක සඳහන් කළේ. වෛද්‍ය නිර්දේශ…

අධ්‍යාපනය ඩිජිටල්කරණය පිළිබඳ නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ දී ආරම්භ කරනවා

පාසල් පෙළ පොත් බෙදාහැරීම සඳහා යොමු කර අවසන් – අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත. අධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා වන නියමු ව්‍යාපෘතිය මාර්තු මාසයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය. 2024 වසරට අදාළ පාසල් පෙළ…

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් ජනපති සමඟ හමුවක

කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද (19) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර, ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සුහද හමුවකට එක්වීමට ද එම දරුවන්ට අවස්ථාව උදා විය. ජනාධිපති කාර්යාලයේ කැබිනට් මණ්ඩලය පැවැත්වෙන ස්ථානයට එම දරුවන් කැඳවු ජනාධිපතිවරයා…

පාර්ලිමේන්තුව ක්‍රියාත්මක නොවන රටක් ප්‍රජාතන්ත්‍රවාදයෙන් තොරයි – කතානායක මහින්ද යාපා අබේවර්ධන

ප්‍රජාතන්ත්‍රවාදයේ හදවත පාර්ලිමේන්තුව බවත් පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වයක් නොමැති රටක් පාලනයකින් තොරව අයාලේ යන බවත් කතානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළේය. අධිකරණයට හෝ විධායකයට ව්‍යවස්ථාදායකය නොමැතිව ක්‍රියාකළ නොහැකි අතර මේ කුලුනු ‍තුනේම එකතුව මඟින් රටක් දියුණුව කරා ගෙනයා‍මේ වැඩපිළිවෙළ සකස් කළ හැකි…

ජනපති සහ එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN FAO) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු (Dr. Qu Dongyu)  අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (19) සිදුවිය. ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ…

“භාරත්-ලංකා” නිවාස ව්‍යාපෘතියේ සිවුවන අදියර ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

කඳුකරයේ ද්‍රවිඩ ජනතාවගේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් දිනා දීමට රජය කැපවී කටයුතු කරනවා -ජනපති. මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන කඳුකර ද්‍රවිඩ ජනතාවගේ ආර්ථික හා සමාජ අයිතිවාසිකම් තහවුරු කිරීමට රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය. කඳුකරය නියෝජනය…

උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය පීලි පනියි

රාගම දුම්රිය ස්ථානය ආසන්නයේදී උඩරට මැණිකේ සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. (18) පෙරවරුවේ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ සීග්‍රගාමී දුම්රියයි මෙලෙස පීලි පැනීමට ලක්ව ඇත්තේ

සේවක වැටුප් ගැන රජයට තීරණ ගන්න බැහැ – රාජ්‍ය ඇමති සියඹලාපිටිය

ස්වාධීන ආයතනයක් ලෙස මහ බැංකු සේවකයින් ගේ වැටුප් තීරණය කිරීමේ බලය බැංකු පනතින්ම මහ බැංකුවට ලැබී තිබෙන බවත් මහ බැංකු වැටුප් සම්බන්ධයෙන් රජය තීරණ නොගන්නා බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. මහනුවර පැවති වැඩසටහනකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පනත…

“යුක්තිය” මෙහෙයුම මාතලේ දී ඇගයීමට

මාතලේ දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේගේ සහ මාතලේ දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පසුගියදා (15) පැවැත්විය. එහිදී මාතලේ දිස්ත්‍රීක්කය තුල ක්‍රියාවට නැංවීමට නියමිත…

ගම්වල සංවර්ධන යෝජනා සැකසීමේදී අලුත් විදිහක්

ගම්වල සංවර්ධන යෝජනා සැකසීමේදී ගමේ පුළුල් නියෝජනයක් සහිත ග්‍රාමීය කමිටු මගින් අදාල යෝජනා සකස් කළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය. කදුකර දශකය සහ දිස්ත්‍රික්කයේ සංවර්ධන වැඩසටහන්වලදී මහජන නියෝජිතයන්ගේ සහ ජනතා සහභාගීත්වය අනිවාර්ය බවද අමාත්‍යවරයා සඳහන්…