Category Local News

ඩෙංගු රෝගීන්ගේ පහළ යාමක්

ජනවාරි මාසයට සාපේක්ෂ ව පෙබරවාරි මාසය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ ශීඝ්‍ර පහළ යාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. ජනවාරි මාසය වන විට 60කට අධික සංඛ්‍යාවක පැවති ඩෙංගු අධි අවදානම් කලාප සංඛ්‍යාවද 24ක් දක්වා පහත…

ජනපති උපදෙසින් වසරකට පාසල් සිසුන් ලක්ෂයකට “ජනාධිපති ශිෂ්‍යත්ව”

රුපියල් මිලියන 3600ක ප්‍රතිපාදන වෙන් කෙරේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයක් මත පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීමේ “ජනාධිපති අධ්‍යයන ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” ක්‍රියාත්මක කිරීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇත. ඒ අනුව මෙරට 10,126ක් වූ සමස්ත…

හම්බන්තොට, මෙරට ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැඟීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි

බස්නාහිර සහ නැගෙනහිර ක්‍රමෝපායික සංවර්ධන සැලසුම් පිළිබඳවද අනාවරණය කරයි. හම්බන්තොට ප්‍රදේශයේ යටිතල පහසුකම් සඳහා දැනටමත් සිදුකර ඇති පුළුල් ආයෝජන ජාතික ආර්ථිකයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සක්‍රීයව භාවිතයට ගැනීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. හම්බන්තොට වරාය මියන්මාර වරාය සමඟ සම්බන්ධ කිරීමට…

ANE MAERSK කොළඹ වරායට පැමිණෙයි

මෙතනෝල් භාවිතයෙන් බල ගැන්වෙන ලොව විශාලතම බහාලුම් නෞකාව වන ANE MAERSK කොළඹ වරායට පැමිණ තිබෙනවා. මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ කන්ටේනර් ධාරිතාව 16,000කට අධික වන අතර එය පළමුවරට භාණ්ඩ ප්‍රවාහනට එක්වන්නේ, පසුගිය ජනවාරි මස 26 වැනිදායි. දිගින් මීටර් 350ක් වන එම…

තර්ස්ටන් – ඉසිපතන සහෝදර සංග්‍රාමයේ දෙවන දිනය අද

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය අතර 61 වැනි වරට පැවැත්වෙන සහෝදරයින්ගේ සටනේ දෙවන හා අවසන් දිනය අදයි. කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ඊයේ (24) උදෑසන ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය තර්ස්ටන් නායක විහස් තෙව්මික සතු වූ අතර, ඔහු තරගයේ…

කුරුණෑගල රෝහලේ රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දැමේ

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගින් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ගත වූ දින කිහිපය තුළ එම ඒකකයෙන් ප්‍රතිකාර ලැබූ වකුගඩු රෝගින් කිහිප දෙනෙකු මිය යාම සැලකිල්ලට ගනිමින් 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි අතර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල  දිස්ත්‍රික්කයේත්…

මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කළ රියැදුරන් 125 ක් අත්අඩංගුවට

මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය කළ රියැදුරන් 125 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. මත්ද්‍රව්‍ය භාවිතා කර රථවාහන ධාවනය කරන රියැදුරන් හඳුනා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළ දකුණු පළාතේ ද, අධිවේගී මාර්ගවල ද…

මියන්මාරයේ සිරගත කර සිටින ශ්‍රී ලාංකිකයින් මුදාගැනීම පිළිබඳ සාකච්ඡා

මියන්මාරයේ සිරගත කර සිටින ශ්‍රී ලාංකිකයින් මුදා ගැනීම සම්බන්ධයෙන් මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවී සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් යු.එල්.මොහොමඩ් ජවුහර් පවසනවා. ඔවුන් මුදාගෙන නැවත මෙරටට එවීම සඳහා සහය ලබාදීමේ හදිසි අවශ්‍යතාව එහිදී අවධාරණය කෙරුණු බවයි ඔහු…

ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම්

ගංජා පානය කරමින් සිටියදී අත්අඩංගුවට පත්වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා කටයුතු කර තිබෙනවා. මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ, පුත්තලම පොලීසියේ සේවය කරමින් සිටි කල්පිටිය – ආන්දන්කන්නියේ පදිංචි වයස අවුරුදු 40 ක පොලිස් කොස්තාපල්වරයෙක් බව සඳහන්. කිසියම්…