Category Local News

ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය අද

පාසල් වාර්ෂික ක්‍රිකට් තරගාවලි අතරින් වැඩිම අවධානයක් දිනාගත් තරගයක් වන කොළඹ ආනන්ද සහ කොළඹ නාලන්ද විදුහල් දෙක අතර වාර්ෂික ක්‍රිකට් තරගය අද (02). මෙවර 94 වන වරට පැවැත්වෙන එම තරගය කොලඹ SSC පිටියේදී පැවැත්වීමට නියමිතයි. මෙවර තරගයේදී කොළඹ ආනන්ද විද්‍යාලය…

ජනාධිපතිවරණය ගැන IHP ජනවාරි සමීක්ෂණයට අනුව අනුරට තවදුරටත් 50%ක්, සජිත්ට 36%ක් සහ ​රනිල්ට 7%ක්

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින්ගේ ඡන්ද අභිප්‍රාය පිළිබඳව IHP ආයතනය විසින් ජනවාරි මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණ වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා. අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක 50% ක් ලබා ගනිමින් තවදුරටත්…

යලිත් කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ තබන්නේ නෑ – සෞඛ්‍ය ඇමති

යලිත් කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා. දැනට පවතින ඖෂධ හිඟය ඉදිරි මාස 6 ක කාලය තුළදී ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත් වනු ඇති බවයි ඔහු සඳහන් කළේ. එසේම, අබලන් වී ඇති ස්කෑන් යන්ත්‍ර…

බිත්තර සඳහා නැවතත් උපරිම සිල්ලර මිලක් නියම කිරීමට උපදෙස්

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම සඳහා බිත්තරයක් අලෙවි කළ යුතු උපරිම සිල්ලර මිල ගණන් ඉදිරිපත් කරන ලෙසට අමාත්‍ය මහින්ද අමරවිර උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව එම මිල ගණන් ලබන සතියේදී පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.…

ජුලි මාසයේදී සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව දින 45 කට වැසේ

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ දෛනික මෙහෙයුම් 2024 ජූලි මස සිට දින 45ක් දක්වා තාවකාලිකව අත්හිටුවා නඩත්තු කටයුතු සිදුකෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා. වසර තුනකට වරක් යෙදී ඇති පරිදි අනිවාර්ය නඩත්තු සහ අලුත්වැඩියා කටයුතු සඳහා මෙලෙස පිරිපහදුව වසා…

අද කාලගුණ නිවේදනය

(02) දිනයේදී කළුතර, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එසේම නැඟෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ දී…

වෛද්‍ය සමන් රත්නායක අත්අඩංගුවට

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණා.

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම ඉවත්වීමට තීරණය කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම වන Expolanka Holdings PLC කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව Expolanka Holdings PLC හි විශාලතම කොටස් හිමියා වන ජපානයේ SG HOLDINGS GLOBAL PTE.LTD විසින් කළ ඉල්ලීමකට අනුව (01)…

බස්නාහිර පළාත් වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යයට නිකුත් කර ඇති බවට චෝදනාවක්

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් (01) දිනයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ පාසල් වර්ෂ අවසාන වාර විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් (29) රාත්‍රියේ සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බවට චෝදනා එල්ල වනවා. මේ සම්බන්ධයෙන් ගුරුවරුන් පිරිසක් (01) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්…

මහින්ද රාජපක්ෂ ලබාගත් හැම ණයකටම මහ පොළොවට වටිනාකමක් දුන්නා – නාමල්

එදා අග්‍රමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ 2020 වසරේ ණය බරින් රට නිදහස් කිරීමට කටයුතු කරන බවට සඳහන් කළ ප්‍රකාශය මේ වන විට 2047 දක්වා ගොස් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරය භාරගන්නා අවස්ථාවේ…