Category Local News

ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙනවා – ජනපති

මෙරට දියත් කෙරෙන විශාලතම කෘෂි නවීකරණ වැඩසටහන නුදුරේදීම ක්‍රියාත්මක කරනවා. තරුණ පරපුර කෘෂි කර්මාන්තයට ‍යොමු කිරීමට  ‘ස්මාර්ට් ඇග්‍රිකල්චර්’ හඳුන්වා දීමට පියවර. යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති…

රජයේ පොහොර සමාගම් දෙක නිෂ්පාදනය කරන පොහොර වෙළෙඳපොලේ පවතින මිලට අඩුවෙන් තේ වගාකරුවන්ට ලබාදෙනවා

“Agri tech-24 කෘෂි තාක්ෂණ දැක්ම” ප්‍රදර්ශනය මාර්තු 02 සිට 05 දක්වා හම්බන්තොට බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේදී – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර. රජයට අයත් පොහොර සමාගම් දෙක නිෂ්පාදනය කරන තත්ත්වයෙන් හා ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පොහොර වෙළෙඳපොලේ අලෙවි කරන…

ප්ලේන්ටී, කිරිතේ, කොත්තු, රයිස් මිල අද සිට ඉහළට

ආපනශාලා ආහාරපානවල මිල ගණන් අද (03) සිට ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ප්ලේන්ටී එකක මිල රුපියල් 5කින්, කිරි තේ එකක මිල රුපියල් 10කින්, කෑම පැකට්ටුවක මිල 25 කින්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු…

බස්නාහිර පළාතේ පාසල් වාර විභාගය අත්හිටුවයි

බස්නාහිර පළාතේ රජයේ පාසල් වාර විභාගය අත්හිටුවීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත විෂයන් වන ගණිතය සහ ඉංග්‍රීසි  ප්‍රශ්න පත්‍ර දෙක ද පිටවී තිබීම හේතුවෙන් මෙලෙස එම විභාගය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි වාර්තා වෙන්නේ. සිද්ධිය පිළිබඳව…

අද කාලගුණ නිවේදනය

කළුතර, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.…

ජනවරමක් නොමැති ආණ්ඩුවකට ටෙලිකොම්, රක්ෂණ සංස්ථා ආදී ආයතන විකුණන්න තීරණ ගන්න බෑ – හරිනි අමරසූරිය

ජනවරමක් නොමැති ආණ්ඩුවකට රජයේ වැදගත් ආයතන විකුණා දැමීම සම්බන්ධයෙන් තීරණ ගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය පැවසුවා. ‍බැංකු සේවක සංගමය, ජාතික විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ රක්ෂණ සංස්ථාව නියෝජනය කරන ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරයේ නියෝජිතයන් සමඟ…

පොත් බෑගයේ බර අඩු කරන්න ලොකු අච්චු පොත් කොටස් වශ­යෙන් මුද්‍ර­ණ­යට අව­ධා­නය

පෙළ පොත් දින­පතා පාසල් ගෙන ඒම අවම කිරී­ම­ටත් පිය­වර අධ්‍යා­පන ලේක­ම්ගෙන් විදු­හ­ල්ප­ති­ව­රුන්ට උප­දෙස් මාලා­වක් පාසල් දරු­වන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීමේ එක් පිය­ව­රක් ලෙස තෝරා ගත් පෙළ පොත් කාණ්ඩ වශ­යෙන් මුද්‍ර­ණය කිරී­මට අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය තීර­ණය කරයි. ඊට අම­ත­රව තවත් වික­ල්ප­යක්…

පිදුරුගොඩට වැටී පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මිය යයි

මොරගහහේන  තලගල තල්ගහවත්ත ප්‍රදේශයේ නිවසක් පිටුපස ගිනි ඇවිලුණු පිදුරු ගොඩක් මත සැකකටයුතු ලෙස පුද්ගලයෙකු පිළිස්සී  මිය ගොස් ඇතැයි මොරගහහේන  පොලිසිය කියයි මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි කුලී වැඩවල නිරත   කේ ඒ ඩි ගාමිණී නැමැති 69 හැවිරිදි  දෙදරුපියෙකි. පිදුරු ගොඩමත …

පෙබරවාරි මාසයේ වාර්තා ගත සංචාරක පිරිසක්

2020 වසරේ ජනවාරි සිට මසක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව 2024 පෙබරවාරි මාසයේදී වාර්තා වී ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය සඳහන් කරන පරිදි පෙබරවාරි මාසය තුළ සංචාරකයින් 218,350 ක් පැමිණ තිබෙයි. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසන්නේ 2024…

මාර්තු 5 සිට 7 දක්වා පාර්ලිමේන්තුව රැස්වේ

මාර්තු 05, 06 සහ 07 යන දිනයන් හි පාර්ලිමේන්තුව පැවැත්වෙන බවත්, 08 වැනි සිකුරාදා දිනය රජයේ නිවාඩු දිනයක් බැවින් එදින පාර්ලිමේන්තුව රැස් නොවන බවත් පාර්ලිමේන්තු සන්නිවේදන අංශය දැනුම් දෙනවා. ඒ අනුව මාර්තු 05 වැනි අඟහරුවාදා පෙ.ව.09.30ට පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතව…