Category Local News

IMF නියෝජිතයින් අද ජනපති හමුවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සමාලෝචන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ.…

හරක් කටාව CIDයෙන් පන්නන්න හැදූ පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට

නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ යන සංවිධානාත්මක අපරාධකරු අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් පැන යාමට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පොලිස් සැරයන්වරයාව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය…

අදත් ප්‍රදේශ කිහිපයක උෂ්ණත්වය අවධානය යොමුක​ළ යුතු මට්ටමක

(07) දිනයේත් ප්‍රදේශ කිහිපයකට උෂ්ණත්වය අවධානය යොමු කල යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව වයඹ හා දකුණු පළාත්වලත් රත්නපුර හා මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මෙම උණුසුම් සහිත කාලගුණ තත්ත්වය අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන්…

වැඩ තහනමකට ලක්වූ දුම්රිය සේවකයින් යළි සේවයේ පිහිටුවයි

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක සිටි සංචාරකයින් දෙදෙනෙකුට දුම්රිය සේවකයින් පිරිසක් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්වූ දුම්රිය සේවකයින් යළි සේවයේ පිහිටුවීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මූලික වාර්තාවක් කැඳවා කරුණු පරික්ෂා කිරීමෙන් අනතුරුව ඉදිරි…

කජිමාවත්ත පදිංචි, නිවාස අහිමි සියලු පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමට ජනපතිගෙන් උපදෙස්

කොළඹ කජිමාවත්තේ පදිංචි, නිවාස අහිමි සියලු පවුල් සඳහා කඩිනමින් නිවාස ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. නිවාස ලබාදීමේ රජයේ ප්‍රතිපත්ති හා නිර්ණායකයන්ට අනුකූලව එම කටයුතු සිදු කරන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය. ජනාධිපති රනිල්…

ජනපති දුන් පොරොන්දුව ඉටු කරමින් මල්වාන අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයට නව ශ්‍රවණාගාරයක්

රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා එදා සිටම විශාල වැඩකොටසක් ඉටු කළා – රුවන් විජේවර්ධන. මල්වාන, අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයට සියවසක් සපිරීම නිමිත්තෙන් පසුගිය වසරේ සැප්තැම්බර් 06 වනදා විද්‍යාලයේ පැවති උත්සවයට එක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී දරුවන්ට…

බැංකු සේවක වැටුප් වැඩිවීම ගැන ආණ්ඩුවේ ස්ථාවරය හෙළි කරන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් සමාජයේ ආන්දෝලනයක් ඇතිව තිබෙන බැවින් මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය ගැන දැනගැනීමට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී (06) ප්‍රකාශ කළේය. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී (06) මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු…

ත්‍රිකුණාමලයේ නාවික අභ්‍යාස ඇරැඹේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන ‘ත්‍රිකුණාමලය නාවික අභ්‍යාසය – 2024’ (Trincomalee Naval Exercise – TRINEX 24) හි සමාරම්භය පසුගියදා ( 04) නැඟෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය නාවික තටාකාංගණයේදී සිදුකෙරුණු අතර,…

මහ බැංකුවේ වැඩි වූ වැටුප් ගැන මුදල් කාරක සභාවේ වාර්තාව අනුව තීරණයක් ගන්නවා – අගමැති දිනේෂ් ගුණවර්ධන කියයි

රී ලංකා මහ බැංකුවේ එක් එක් ශ්‍රේණි සඳහා 2024 වර්ෂය මුලදී තිබූ මූලික වැටුප හා දළ වැටුප කා.කා.ස.ගේ වැටුප රු.188000.00යි නියෝජ්‍ය අධිපතිට ලක්ෂ 17යි මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීම ගැන පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව දෙන වාර්තාව අනුව තීරණ ගන්න…

අද කාලගුණ නිවේදනය

අද දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.