Category Local News

ආයේ දීලා බලන්න දෙයක් නෑ කාටවත්, රට කරන්න පුළුවන් රනිල්ට විතරයි – මනූෂ

වසර එකහමාරක කාලයක් තුළ රට ගොඩ නගා පෙන්වන ලද නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා. නැවතත් වෙනත් පුද්ගලයෙකුට ඡන්දය ලබාදී පරික්ෂා කිරීමට දෙයක් නොමැති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. මෙතෙක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හොඳින්…

මාර්තු දීර්ඝ සති අන්තය වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරයි

2024 මාර්තු මස 8, 9 හා 10 දිනවල යෙදෙන දීර්ඝ සති අන්තය වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින්  උඩරට දුම්රිය මාර්ගයේ හා උතුරු මාර්ගයේ  විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනයට එක්කර තිබෙනවා. ඒ අනුව එම දුම්රිය ධාවනය වන කාලසටහන මේ වන විට…

ජනපති භූමිකාව කාටුන් ශිල්පීන් දුටු හැටි

“Press Vs. Prez” කෘතිය එළිදැක්වේ. මෙවන් නිර්මාණ ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක්. පසුගිය කාලය තුළ රජය අසීරුවෙන් හෝ ගෙන ගිය වැඩපිළිවෙළ නිසා අද රටේ ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් සිදුව තිබෙනවා. රටක් ලෙස අප ගත කරමින් සිටින්නේ අසීරු කාලයේ අවසන් කොටසයි – ජනපති පවසයි. පසුගිය…

විදුලි බල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට – විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර

විදුලි බල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත නිෂ්කාශන කටයුතු සඳහා නීති දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් කැබිනට් අනුමැතියෙන් පසු ලබන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය. මිල…

COPE කමිටු සභාපති ධූරය රෝහිත අබේගුණවර්ධනට

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සභාපති ධුරයට තේරී පත්ව තිබෙනවා. ඒ අනුව අද (07) රැස්වූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී මෙම පත්වීම සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.

පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීම් දරණ නිලධාරින්ගේ ස්ථාන මාරු කිරීම් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි

පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර පත්වීමක් දරන නිලධාරියෙකු මධ්‍යම රජයේ අනුරූපී තනතුරක් සඳහා ස්ථාන මාරු කිරීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඊට අදාළ චක්‍රලේඛය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත්…

නව විදුලි සම්බන්ධතාව ලබාගැනීමේදී අයකරන ගාස්තුව වාරික වශයෙන් ගෙවීමට අවස්ථාව

නව විදුලි සබඳතාවක් ලබාගැනීමේදී අය කරගන්නා ගාස්තුව වාරික වශයෙන් ගෙවීමේ අවස්ථාව ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට හිමිවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ඒ අනුව සම්පූර්ණ මුදලින් 25% ක් පමණ ගෙවා ඉතිරිය වාරික 10 කින් හෝ 12 කින් ගෙවීමට අවස්ථාව…

අනුර කුමාර දිසානායක හා රටවල් 6 ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර සාකච්ඡාවක්

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ රටවල් 06ක රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර හමුවක් (06) පවත්වා තිබෙනවා. ඒ අනුව එම සාකච්ඡාව සඳහා පලස්තීන, තුර්කි, බංග්ලාදේශ, ඉන්දුනීසියානු, මැලේසියානු සහ මාලදිවයින් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සහභාගී වී ඇති බවයි වාර්තා වෙන්නේ. ජාතික…

ළමා ලිංගික අපයෝජකයන්ගේ නාමලේඛනයක් සකස් කිරීමට අවධානය

ළමා ලිංගික අපයෝජන චෝදනාවන් සඳහා වරදකරුවන් වන පුද්ගලයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. ළමා ලිංගික අපයෝජන වැරදිවලට වරදකරු වී, දඬුවම් විඳීමෙන් පසු  ළමයින් සමග ගනුදෙනු කෙරෙන පරිශ්‍රයන්ට එන අයගෙන් සාපේක්ෂව ළමයින්ට අවදානමක් ඇති බවත්,…

කල්පිටිය පොලීසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 13 දක්වා රිමාන්ඩ්

කල්පිටිය පොලීසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම මහේස්ත්‍රාත් අයෝමා විමලරත්න (06) නියෝග කළා. ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමේ සිදුවීමක් මත පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව නඩු ගොනු කර තිබුනු අතර, ඒ සම්බන්ධයෙන් පසුගිය මස 13 වැනි…