Category Local News

ජී.එල්. පීරිස්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් විනය ක්‍රියාමාර්ග

ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු විධායක සභාව තීරණය කර තිබෙන බව එහි මහලේකම් සාගර කාරියවසම් පවසනවා. ජී.එල්. පීරිස් මන්ත්‍රීවරයා පසුගියදා සමගි ජන බලවේගය සමග එකඟතා ගිවිසුමකට අත්සන් තැබීම හේතුවෙන් මෙම තීරණයට එළඹ ඇති බවයි…

අද කාලගුණ නිවේදනය

(13) දිනයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන අතර, ප.ව. 2.00 න් පමණ පසු උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ…

ගිනිගත්හේන මැදි විදුහලේ සිසුහු මෝටර් රථයක් නිපදවති

හැටන් අධ්‍යාපන කලාපයට අයත් ගිනිගත්හේන මැදි මහා විදුහලේ 13 ශ්‍රේණියේ ඉංජිනේරු තාක්ෂණය හදාරන සිසුන් කණ්ඩායමක් විසින් මෝටර් රථයක් නිපදවා තිබේ. ගිනිගත්හේන මැදි විදුහලේ ඉංජිනේරු තාක්ෂණ විද්‍යා ආචාර්ය ඉන්දික කාරියවසම්ගේ මඟපෙන්වීම යටතේ ඉංජිනේරු තාක්ෂණ විද්‍යාව හදාරන කළණ කෞශල්‍ය සිසුවාගේ නායකත්වයෙන් යුත්…

ගෙල කපා මරාදැමුණු කාන්තා සිරුරක් ඌරගස්මංහන්දියේ ස්ටිකර් කඩයක

ඌරගස්මංහන්දිය, මීගස්පිටිය පාරේ පිහිටි ස්ටිකර් වෙළෙඳසලක් තුළ තිබී ගෙල කපා ඝාතනය කෙරුණු 43 හැවිරිදි කාන්තාවකගේ රුධිරයෙන් නැහැවුණු මළ සිරුරක් (11) උදෑසන හමු වූ බව ඌරගස්මංහන්දිය පොලිසිය කියයි. මෙසේ ඝාතනය වී ඇත්තේ එම වෙළෙඳසල පිටුපස කාමරයක පදිංචිව සිටි ඌරගොඩ විතානගේ යමුනා…

අලුත් අවුරුදු සුබ පැතුම් පණිවිඩ

රටක් ඉදිරියට යන්න සමාජ සබඳතා හා සාමූහිකත්වය අවශ්‍යයි  අලුත් අවුරුද්දේ අලුත් වීමට මතු නොව, රටක් වශයෙන් නිවැරදි මඟක ඉදිරියට යන්නට ද අවශ්‍ය මූලික සාධකයක් වනුයේ සමාජ සබඳතාවන් හා සාමූහිකත්වය යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි. සිංහල හා දෙමළ අලුත් අවුරුදු…

යුක්‍රේනයේ විදුලි බලාගාරයක් මුළුමණින්ම විනාශයි

රුසියානු ප්‍රහාරයකින්, යුක්‍රේනයේ කියෙව් අගනුවර ප්‍රධාන විදුලි බලාගාරයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. ට්‍රිපිලියා නමැති මෙම බලාගාරය මගින්, කියෙව් අගනුවර ඇතුළු කලාප තුනකට විදුලිය සපයනු ලැබේ. යුක්‍රේනය චෝදනා කරන්නේ, රුසියාව දිගු කලක සිට ක්‍රමානුකූලව යුක්රේනයේ බලශක්ති පද්ධතිය ඉලක්ක කර ප්‍රහාර එල්ල…

මහ බැංකුව යළිත් ඩොලර් මිලට අරන්

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 මාර්තු මාසයේදී විදේශ විනිමය වෙළෙඳපොළෙන් අමෙරිකානු ඩොලර් මිලියන 715ක් මිලදී ගෙන තිබෙන බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි. එමෙන්ම මහ බැංකුව විසින් පෙබරවාරි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 239.5ක් විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිලදී ගෙන තිබේ. ඒ…

මත්ද්‍රව්‍ය කිලෝ 200ක් නාවික හමුදා භාරයට

හෙරොයින් සහ අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත. නාවික හමුදාව දකුණු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් හෙරොයින් සහ අයිස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 200ක් සමග බහුදින ධීවර යාත්‍රා දෙකක් අත්අඩංගුවට ගනු ලැබූ බව…

ළමා නිවාසවල දරුවන්ට ජනපතිගෙන් අවුරුදු තෑගි

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවයින පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දූ දරුවන් වෙනුවෙන් රසකැවිලි සහ තෑගි පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව (13) සිදු කෙරේ. නිවසින් හෝ ආදරණීය දෙමාපියන්ගෙන් බැහැරව සිටියත් සෑම දරුවෙකුටම අවුරුදු සතුට ලබාදීම…

විශේෂ රාජ්‍ය සමාවක් ලැබෙන සිරකරුවන් මෙන්න

 (13) යෙදෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 917 දෙනෙකුට රාජ්‍ය සමා කාලයක් ලබාදී ඇති බව බන්ධනාගාර කොමසාරිස්(මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී දිසානායක මහතා පවසයි. ඒ අනුව පිරිමි සිරකරුවන් 896කට සහ කාන්තා රැඳෙවියන් 21 දෙනෙකුට අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ රාජ්‍ය…