Category Local News

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව ජුනි 27 වැනිදා කැඳවීමට නියෝග

ක්‍රිෂ් සමාගම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුව එහි පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජුනි මස 27 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. මෙම නඩුව අද (21) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න ඉදිරියේ කැඳවනු ලැබුණු…

හැව්ලොක් නිවාස සංකීර්ණයෙන් හමුවූ T-56 ගිනි අවිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

හැව්ලොක් නිවාස සංකිර්ණයේදී පොලිස් භාරයට ගත් T-56 ගිනි අවිය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. ඒ අනුව එම ගිනි අවිය සිය සන්තකයේ තබාගෙන සිටි සැකකාරිය හා තවත් කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. සැකකාරියන් අවුරුදු…

මරණීය දණ්ඩනය ලැබූ විත්තිකරුවෙක් නිදහස් කරන ලෙස අභියාචනාධිකරණයෙන් නියෝගයක්

2009 වසරේ වව්නියාවේදී වෛද්‍යවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් වරදකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටි සැකකරුවකු නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (20) නියෝග කර තිබෙනවා. එම විත්තිකරු විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කර එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින්,…

රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසමට පැමිණෙයි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත්‍රයා වන රමිත් රඹුක්වැල්ල අද (21) අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබෙනවා. ඒ අනුව ප්‍රකාශයක් ලබාදිම සඳහා සිදුකළ කැඳවීමක් අනුව ඔහු මෙලෙස අල්ලස් කොමිසම වෙත පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

මධ්‍ය කඳුකරයේ අනතුරු බහුල ස්ථානවල මාර්ග දෙපස ආරක්ෂිත වැට ඉදිකිරීමට පියවර

මධ්‍ය කඳුකරයේ රිය අනතුරු බහුල, අවදානම් සහිත ස්ථානවල මාර්ගය දෙපසටම ගැල්වනයිස් ආරක්ෂිත වැට ඉදිකරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් එවැනි ස්ථාන කිලෝමීටර් 500ක පමණ ප්‍රමාණයක් ඇති බවයි එම අධිකාරිය ප්‍රකාශ කර සිටියේ. ඉන් කිලෝමීටර් 15ක පමණ ආරක්ෂිත…

විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීමේ වගන්ති ඉවත් කරමින්, නව විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

නව විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. ඒ අනුව, මීට පෙර පැවති පනතේ තිබුණු විදුලිබල මණ්ඩලය කොටස් 12කට වෙන් කර, පෞද්ගලීකරණය කරමින්, ප්‍රතිව්‍යූහගතකරණය කිරීම සඳහා වූ වගන්ති ඉන් ඉවත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. නව සංශෝධන පනතින් විදුලිබල මණ්ඩලය…

අධිවේගී මාර්ගවල කාඩ්පත් මගින් ගෙවීම් අද සිට ඇරඹෙයි

අධිවේගී මාර්ගවල කාඩ්පත් මඟින් ගෙවීම් අද (21) සිට ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ, දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම –…

සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනයට STF කණ්ඩායම් 15ක්

සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) කණ්ඩායම් 15ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. ඔවුන් විසින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 18ක් පිළිබඳව විමර්ශනය කරන බවයි පොලීසිය සඳහන් කළේ. මේ වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 46ක් වාර්තා වී…

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට අනුයුක්තව සේවය කළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුගේ හා බන්ධනාගාර රියදුරෙකුගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පවසනවා. පසුගිය 16 වැනිදා පස්වරුවේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට අයත් බස් රථයක්, රැඳවියෙකු හා එම රැඳවියාගේ පවුලේ උදවිය සමග වැලිගම නගරයෙන්…

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන අක්‍රමිකතා සෙවීමට ජනාධිපති කාර්යාලයේ මූලිකත්වයෙන් කමිටුවක්

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අදාළ අංශවලට ඊයේ (20) උපදෙස් ලබාදී තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අනුබද්ධ…