Category Foreign

යානා දෙකක් එකිනෙක ගැටීම අවසන් මොහොතේ වැළකෙයි

ගුවන් යානා දෙකක් ධාවන පථයේදී එකිනෙක ගැටීමේ දරුණු අනතුරක් අවසන් මොහොතේ වළක්වා ගැනීමට අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ගුවන්තොටුපොළ මෙහෙයුම් පාලන මැදිරිය සමත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ සිදුවීමට මුහුණ දී ඇත්තේ ඩෙල්ටා ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සහ කී ලයිම්…

අමෙරිකාවේ විශාලතම පුපුරන ද්‍රව්‍ය තොගය වර්ජිනියා ගොවිපොළකින් හමුවෙයි

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ගොවිපොළකින් පුපුරන ද්‍රව්‍ය කට්ටල 150කට අධික ප්‍රමාණයක් සොයාගැනීමට එරට මධ්‍යම විමර්ශන කාර්යාංශය (එෆ්බීඅයි) සමත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එෆ්බීඅයි සංවිධානය විසින් එතෙක් මෙතෙක් සොයාගනු ලැබූ විශාලතම පුපුරන ද්‍රව්‍ය තොගය එය බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා…

ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගෙන පාකිස්තානයේ සමාජ මාධ්‍යජාලයට බාධා

ත්‍රස්තවාදයට රුකුල් දෙන බවටත්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවටත් සඳහන් කරමින් පාකිස්තානයේ සමාජ මාධ්‍ය ගිණුම් රැසක් අවහිර කිරීමට එරට රජය පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එමෙන්ම රජයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග දැඩි ලෙස විවේචනයට ලක් කරන ඩිජිටල් නිර්මාණකරුවන් අත්අඩංගුවට ගැනීම…

චීන අධිවේගී දුම්රිය මාර්ග ඉදිකිරීමේ අක්‍රමිකතා විමර්ශනයට

ලොව පුරා වැඩි අවධානයක් යොමුවූ චීන අධිවේගී දුම්රිය මාර්ග ඉදිකිරීමේදී ෂැංහායි සහ කුන්මිංග් අතර අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ චීන දුම්රිය සමාගම විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දීර්ඝ කාලයක් පුරා චීනයේ අති නවීන…

යුක්රේනය ඔස්සේ යුරෝපයට රුසියානු ගෑස් සැපයුම් ගිවිසුම අහෝසි වෙයි-යළි අලුත් නොකරන බව යුක්රේන ජනපති කියයි

යුරෝපා රටවලට ගෑස් සැපයුම් නළ මාර්ගය සඳහා සිය භූමිය භාවිත කිරීමට යුක්රේනය විසින් රුසියාව සමඟ ඇතිකරගත් දිගුකාලීන ගිවිසුම අවසන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්රේනය සමඟ වසර 1991 දී ඇතිකරගත් ගිවිසුම පසුගිය 25 වැනිදා අවසන් වූ බව යුරෝපයට ගෑස්…

ටික්ටොක් සමාජ මාධ්‍යයට ඩොලර් මිලියනයක දඩයක්

යොවුන් තරුණ තරුණියන් අතර මාරාන්තික අභියෝග ව්‍යාප්තවීමට හේතු වූ බවට චෝදනා කරමින් වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ටික්ටොක් සමාජ මාධ්‍යජාලයට අමෙරිකානු ඩොලර් මිලියනයක දඩයක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වෙනිසියුලාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත්තේ එම අභියෝගවලට මුහුණදුන් නව යොවුන්…

පළමුවරට නවදිල්ලියේ සිට කාශ්මීරයට සුඛෝපභෝගී දුම්රිය සේවා 5ක්

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කාශ්මීරය දක්වා ඓතිහාසික දුම්රිය සේවා 5ක් අගමැති නරේන්ද්‍ර මෝදි අතින් මේ මස විවෘත වීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කළේය. මගීන්ගේ සුවපහසුව සැලකිල්ලට ගනිමින් නවීන පහසුකම්වලින් සමන්විත එම දුම්රිය සේවා කාශ්මීරයට නව සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට රුකුලක්…

නව වසරේ ලොව කලඹන අනාවැකි හෙළි වෙයි-ස්වාභාවික විපත් සහ පිටසක්වළ ජීවීන්ගේ ආක්‍රමණ වැඩිවෙන බවටත් අනාවැකි

උදාවූ 2025 වසරේදී යුරෝපය පුරා දරුණු ගැටුම් සිදුවන බවටත්, ලොව බටහිර බලපෑම් යටපත් කරමින් රුසියාව නැඟී සිටින බවටත් 16 වැනි සියවසේ ප්‍රංශයේ හිටපු ලොව ශ්‍රේෂ්ඨතම පේනකියන්නා වූ නොස්ට්‍රඩමස්ගේ සහ 20 වැනි සියවසේ බල්ගේරියාවේ හිටපු අන්ධ පේනකාරිනිය බාබාගේ අනාවැකි අතර ඇතැයි…

UPDATE: දකුණු කොරියා ගුවන් අනතුරේ මරණ ගණන 120ක් වෙයි – ගුවන් සමාගම සමාව අයදියි

දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපොළේ දී ගුවන් යානය ගොඩබෑමට යාමේ දී සිදු වූ අනතුරින් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 120ක් දක්වා ඉහළ ගොස් තිබේ. ජෙජු එයාර් ගුවන් සේවයට අයත් යානයක් හදිසි ගොඩබෑමකට යාමේ දී ධාවන පථයෙන් ඉවතට ධාවනය වී තාප්පයක ගැටී මෙම…

ඉරානයේ පොලිස් බුද්ධි අංශ ප්‍රධානියා ඝාතනය කෙරේ

ඉරානයේ බන්දාර් ලෙන්ගේ හීදී සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඉරානයේ පොලිස් බුද්ධි අංශ ප්‍රධානී මොජ්ටාබා ෂාහිඩි ජීවිතක්ෂයට පත්ව තිබේ. හෝර්මොස්ගන් පළාතේ පිහිටි පොලිස් බුද්ධි අංශ ගොඩනැගිල්ල ඉදිරිපිටදී එම එම ප්‍රහාරය සෙනසුරාදා සිදුව ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. මරාගෙන…