Category Foreign

අමෙරිකාවේ බෲක්ලින් අවන්හලක වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

අමෙරිකාවේ බෲක්ලින් නුවර අවන්හලක් තුළ ඊයේ (16) රාත්‍රියේදී කිහිපදෙනෙකු විසින් එල්ල කරන ලද වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු මියගොස්, තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. සිද්ධිය සිදුවන අවස්ථාවේ අවන්හල වසා දැමීමට ආසන්නව තිබූ බවත්, තුවාල ලැබූවන්…

චීන විදේශ ඇමති හෙට ඉන්දියාවට

චීන විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ විශේෂ සංචාරයක් ආරම්භ කරන බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයකර තිබෙනවා. චීන විදේශ අමාත්‍යාංශ Wang Yi දෙදින නිල සංචාරයක් සඳහා හෙට (18) ඉන්දියාව බලා පැමිණීමට නියමිත බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ.ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ෂැංහයි සහයෝගීතා සංවිධානයේ…

ගුවන් සේවිකාවන්ගේ වර්ජනයකින් කැනඩාවේ සියලු ගුවන් ගමන් නවතී

වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කැනඩා ගුවන් සේවිකාවන් ආරම්භ කර ඇති වර්ජනයක් හේතුවෙන් එරට සියලු ගුවන් ගමන් අඩාල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් ගමන් 700 ක් පමණ අත්හිටුවා ඇති බවයි. මෙම තත්ත්වය හේතුවෙන් එරටට පැමිණි…

සෙලෙන්ස්කි හෙට අමෙරිකාවට

රුසියාව විසින් සටන් විරාමයකට එකඟතාව පළ කිරීම ප්‍රතික්ෂේප කිරීම මගින් යුක්‍රේන යුද්ධය අවසන් කිරීමේ ප්‍රයත්නයන් සංකීර්ණ කරන බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. මේ අතර සාම ගිවිසුමකට එකඟ වන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්‍රේන ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. යුක්‍රේන ජනාධිපති…

ඔස්ට්‍රේලියාවේ භූ කම්පනයක්

ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ ආසන්නයේ අද (16) රික්ටර් මාපකයේ ඒකක 4.9ක භූ කම්පනයක් හට ගෙන තිබේ. මෙම භූමිකම්පාව හේතුවෙන් සුනාමි ඇති වීමේ අවධානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ගොඩනැගිලි 11,000ක පමණ විදුලිය විසන්ධි වී ඇති බවද…

ට්‍රම්ප් – සෙලෙන්ස්කි හමුව ලබන සඳුදා

ලබන සඳුදා වොෂින්ටනයේදී අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවන බව යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි පවසනවා. විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ට්‍රම්ප් සමග පැවති දුරකථන සංවාදයෙන් පසු යුක්‍රේන ජනපති මේබව ප්‍රකාශයට පත්කළ බවයි. එකඟතාවකින් තොරව අවසන් වූ ට්‍රම්ප් – පුටින් සාකච්ඡාවෙන් දින 03කට පසු…

චීනයට, ඉන්දියාවට දඬුවම් බදු දැන්ම පනවන්නේ නෑ – අමෙරිකාව

රුසියාවෙන් තෙල් මිලදී ගන්නා රටවලට වහාම ද්විතියික බදු පැනවීමේ තීරණයක් නොගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මේ අනුව චීනය, ඉන්දියාව වැනි රටවලට තර්ජනය කරමින් තිබූ අධික බදු පැනවීම වහාම සිදුනොවීම යම් සහනයක්වනු ඇති නමුත් සති දෙක තුනකින් මෙම බදු…

කාශ්මීර ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 280 දක්වා ඉහළට

ඉන්දු – පකිස්ථාන දේශසීමාවේ පිහිටි කාශ්මීරයට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 280ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, බොහෝ පිරිසක් තවමත් අතුරුදන්ව ඇති බවයි. එමෙන්ම ඊයේ සහන සේවාවල නිරතවූ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් 05 දෙනෙකු…

පුටින් හමුවේදී ‘විශිෂ්ට ප්‍රගතියක්’ ඇති බව ට්‍රම්ප් පවසයි – නමුත් ගිවිසුමක් නැහැ

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර සිකුරාදා ඇලස්කාවේ පැවැති සාකච්ඡාවේ දී  ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් වෙනුවෙන් පැවැති මෙම සාකච්ඡාව පැය 3කට ආසන්න කාලයක් පැවැත් වුණි.…

අමෙරිකාවට මෙගා සුනාමි අනතුරු ඇඟවීමක්

tsunami

අමෙරිකාවේ පැසිෆික් වෙරළ තීරයේ කැස්කැඩියා කලාපය (cascadia subduction zone) ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයේ ඉදිරි වසර 50 ඇතුළත මෙගා සුනාමියක් ඇතිවිය හැකි බවට Virginia Tech විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් අනතුරු අඟවා තිබේ. උතුරු කැලිෆෝනියාවේ සිට වැන්කුවර් දූපත දක්වා සැතපුම් 600ක් පමණ විහිදෙන මෙම කලාපය…