Category Foreign

කාශ්මීර ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 280 දක්වා ඉහළට

ඉන්දු – පකිස්ථාන දේශසීමාවේ පිහිටි කාශ්මීරයට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 280ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, බොහෝ පිරිසක් තවමත් අතුරුදන්ව ඇති බවයි. එමෙන්ම ඊයේ සහන සේවාවල නිරතවූ හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් 05 දෙනෙකු…

පුටින් හමුවේදී ‘විශිෂ්ට ප්‍රගතියක්’ ඇති බව ට්‍රම්ප් පවසයි – නමුත් ගිවිසුමක් නැහැ

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියා ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර සිකුරාදා ඇලස්කාවේ පැවැති සාකච්ඡාවේ දී  ස්ථිර එකඟතාවයකින් තොරව අවසන්ව පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් වෙනුවෙන් පැවැති මෙම සාකච්ඡාව පැය 3කට ආසන්න කාලයක් පැවැත් වුණි.…

අමෙරිකාවට මෙගා සුනාමි අනතුරු ඇඟවීමක්

tsunami

අමෙරිකාවේ පැසිෆික් වෙරළ තීරයේ කැස්කැඩියා කලාපය (cascadia subduction zone) ලෙසින් හැඳින්වෙන ප්‍රදේශයේ ඉදිරි වසර 50 ඇතුළත මෙගා සුනාමියක් ඇතිවිය හැකි බවට Virginia Tech විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් අනතුරු අඟවා තිබේ. උතුරු කැලිෆෝනියාවේ සිට වැන්කුවර් දූපත දක්වා සැතපුම් 600ක් පමණ විහිදෙන මෙම කලාපය…

දකුණු කොරියානු හිටපු ජනපති ආර්යාව අත්අඩංගුවට

දකුණු කොරියාවේ හිටපු ජනාධිපති යූන් සුක්-යොල්ගේ බිරිඳ කිම් ක්‍යෝන්-හී අත්අඩංගුවට ගැනීමට දකුණු කොරියානු අධිකරණයක් නියෝග කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අපරාධ පරීක්ෂණවලට බාධා කිරීම සම්බන්ධයෙන් වන චෝදනා මත ඇය අත්අඩංගුවට ගැනීම සඳහා නඩු පවරන්නන් විසින් ඉල්ලීමක් කර තිබෙනවා. කිම්…

පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අතර දුරකථන සංවාදයක්

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමඟ දුරකථන සංවාදයක යෙදී තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ අනිද්දා පැවැත්වීමට නියමිත හමුවට පෙර මෙලෙස රුසියානු නායකයා උතුරු කොරියානු නායකයා සමඟ සංවාදයක නිරත වීම විශේෂත්වයක්. අනාගතයේදී රුසියානු නායකත්වය විසින්…

ඉන්දුනිසියාවේ ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ බටහිර පැපුවා කලාපයේ අද (12) ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට එය රික්ටර් මාපකයේ ඒකක 6.5ක ලෙස සටහන් වී තිබෙයි කෙසේ වෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය…

තුර්කියේ ප්‍රබල භූ කම්පනයක්

තුර්කියේ වයඹදිග ප්‍රදේශයට රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිවී තිබෙනවා. එහි කම්පන කිලෝමීටර් 200ක් පමණ දුරින් පිහිටි ඉස්තාන්බුල් නගරයට පවා දැනී ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම භූමිකම්පාව බලිකෙසිර් පළාතේ, සින්දිර්ගි නගරය අසලින් කේන්ද්‍රගත වී ඇති අතර භූමිකම්පාව ඇති වූයේ මතුපිට…

ලන්ඩනයේ පැවති උද්ඝෝෂණයකදී 474 දෙනෙකු අත්අඩංගුවට

තහනම් කරන ලද පලස්තීන ත්‍රස්ත කණ්ඩායමට සහාය දැක්වූ බව පවසමින් ලන්ඩනයේ පැවති උද්ඝෝෂණයකදී පුද්ගලයින් 474 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙට්‍රොපොලිටන් පොලිසිය පැවසුවේ විරෝධතාකරුවන් 466 දෙනෙකු එම කණ්ඩායමට සහාය දැක්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බවයි. පොලිස් නිලධාරීන්ට පහරදීම සම්බන්ධයෙන් පස්…

නිව්යෝර්ක්, ටයිම්ස් චතුරශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමකින් තිදෙනෙකු රෝහලේ

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ, ටයිම්ස් චතුරශ්‍රයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. වෙඩි තැබීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්. තුවාල ලබා රෝහල්ගත කළ පිරිසගේ තත්ත්වය එතරම් දරුණු නොවන බවද විදෙස් මාධ්‍ය…

ලෝක වෙළඳපොලේ තෙල් මිලේ අඩුවක්

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වන විට මාසයකට පසු වාර්තා වූ අඩුම අගය සටහන් කර තිබෙනවා. අද වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 66යි ශත 59ක් ලෙස සටහන් වූ අතර, එය ඊයේ දිනට සාපේක්ෂව සුලු ඉහළ යාමක්. ජූලි මස අවසානයේ…